සන්ධාන මන්ත්‍රී ඇතුළු 19කට නොතීසි

එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි කොබෙයිගනේ ප්‍රාදේශිය සභාවේ සන්ධාන මන්ත්‍රි මහින්ද කුමාරසිරි මහතා සහ කොබෙයිගනේ විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති ආර්. ඒ. සිසිරකුමාර මහතා ඇතුළු සැකකරුවන් 19 දෙනෙකුට ලබන මස 02 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නිකවැරටිය මහේස්ත්‍රාත් දීප්ති කොඩිතුවක්කු මහත්මිය නියෝග කර තිබේ.

දැදුරුඔය ආසන්නයේ සිදුකෙරුණු මහා පරිමාණ වැලි ජාවාරමක් වැටලිමට ගිය රස්නායකපුර පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් පිරිසකට පහරදී බරපතළ තුවාල සිදුකිරිම සහ පොලිසියේ ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට පත්කිරීමට තැත් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සැකකරුවන්ට එරෙහිව එල්ල වී තිබේ.

2006 වසරේදි අදාළ පහරදීම සිදුවිය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්