මාතලේ සමූහ මිනී වළ සම්බන්ධයෙන් අද (28) මාතලේ මහේස්ත්රාත් අධිකරණයේදී කැඳවූ නඩු විභාගය අගෝස්තු මස 19වෙනිදාට කල් තැබීමට අධිකරණයේ නව විනිසුරුවරයා වූ සම්පත් ගමගේ මහතා තීරණය කළේය.
මීට පෙර මාතලේ මහෝස්ත්රාත් අධිකරණයේ කටයුතු කළ විනිසුරුවරිය මේ වනවිට කොළඹට මාරුකර යවා තිබේ. මේ අතර මෙම මාරුකිරීම නඩු විභාගය වෙනතකට හැරවීමට සිදුකළ එකක් බවට නීති ක්ෂේත්රයේ දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ.
මීට පෙර නඩු විභාගයේදී අධිකරණය විසින් ජනතාවගේ දැන ගැනීම පිණිස නඩුව පිළිබද පුවත්පත් තැන්වීම් පළකිරීමට රහස් පොලිසියට නියෝග නිකුත් කළ අතර රහස් පොලිසිය විසින් එය ඉටු කර නොතිබූ අතර ඒ පිළිබද කටයුතු සිදුකරමින් ඇති බවට අධිකරණය වෙත කරුණු කියා සිටියේය.









