අප්‍රේල් 18 අතුරුදන් වූවන්ගේ ඇට සැකිලි හමුවේ

පසුගිය අප්‍රේල් මස 18 වැනිදා සිට අතුරුදන්ව සිටි තරුණ යුවලකගේ හිස් කබල සහිත මිනිස් ඇට සැකිලි දෙකක් මහියංගණය පොලිසිය විසින් සොයාගෙන තිබේ. මහියංගණය, මැදයාය, අලි කඳුර ප්රැදේශයේ ලඳු කැලෑවක තිබූ ඇඳුම් බෑග් පරීක්ෂා කිරීමේ ඒ අසල තිබී මෙම ඇට සැකිලි අදාල තරුණයින් ගේ බව තහවුරුකරගෙන ඇත.

ඔවුන් දෙදෙනා 22 හැවිරිදි තරුණයෙක් සහ 18 හැවිරිදි තරුණිය‍කි.

මියගිය තරුණයා මහියංගණය, කුරුවිතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බවටත් තරුණිය මීගහකිවුල, බලගොල්ල , නාරංගස්කිවුල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බවටත් හඳුනාගෙන ඇති බව මහියංගණය පොලිසිය පවසයි.

ඔවුන් අතර ප්‍රේම සම්බන්ධයක් පැවති බවට ද අනාවරණය වී ඇති අතර ඇට සැකිලි අසල තිබී කෘමිනාශක බෝතල් දෙකක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මෙම මරණ සම්බන්ධයෙන් මහියංගණය මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව පොලිසිය සඳහන් කරයි.

මෙම යුවල අතුරුදහන් වී ඇති බවට පොලිසියට පැමිණිල්ලක්ද ලැබී ඇත.

මේ වන විට ඇට සැකිලි දෙක බදුල්ල ‍මහරෝහලට භාරදී තිබේ.

 

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්