කැබිනට් මණ්ඩලය 18 වෙනිදා උදයේ දිවුරුම්දීම ස්ථීර බව ආණ්ඩුවේ තොරතුරුවලින් අනාවරණය වෙන අතර ඇමති ධුර සංඛ්යාව සම්බන්ධයෙන් මත ගැටුම් නිමා වී නැති බව වාර්තා වේ.
විශේෂයෙන්ම මොහොමඩ් අලි සබ්රි මුදල් අමාත්ය ධුරයට පත් කිරීමෙන් පසුව අධිකරණ ඇමති ධුරයත් ඔහුටම ලබාදීම සම්බන්ධයෙන් බරපතල මත ගැටුම් පවතී. එය විදේශ ඇමති ජී. එල්. පීරිස් වෙත ලබා දිය යුතු බවට රාජපක්ෂ පවුල තුළින් බලපෑම් සිදුවී ඇත.
කෙසේ වෙතත් අමාත්ය ධූරවලට පත් කිරීම සම්බන්ධයෙන් අවසන් මොහොත දක්වාම කිසිදු නිශ්චිතතාවයක් නොමැති බව වාර්තා වේ. ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ ඍජු සාකච්ඡා ආරම්භ කිරීමට පෙර ඇමති මණ්ඩලය පත් කිරීමට අවශ්ය වී තිබේ.










