ශ්‍රී ලාංකික සරණාගතයින් 150 ක් අතුරුදහන්

තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල රැඳී සිටි ශ්‍රී ලාංකික සරණාගතයන් 150 දෙනෙකු පමණ පසුගිය සති 2ක කාලය තුළ අතුරුදහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තමිල්නාඩුවේ සරණාගතයන් කඳවුරුවලින් මෙතරම් පිරිසක් අතුරුදන් වීම සම්බන්ධයෙන් බලධාරීන් පවසන්නේ සරණාගතයන් ඉන්දීය සාගරයේ මෝසම් සුළං පවතින මේ කාලය තුළ මුහුදු මාර්හයෙන් වෙනත් රටකට යෑමට උත්සහා දැරීමේදී යම් අන්තරාදායක අවස්ථාවකට මුහුණපෑමට සිදුවීදැයි ඔවුන් තුළ සැක පහළ ඇති බවයි.

තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවලින් සරණාගතයන් දුසිම් ගණනින් අතුරුදහන් වන බවට වාර්තා ලැබී ඇතැයි කේරළයේ කොල්ලම් පොලිසිය සඳහන් කර තිබේ.

එමෙන්ම  පසුගිය සති දෙකක කාලය තුළ සරණාගතයන් රැගත් කිසියම් යාත්‍රාවක් පිටත්වී ගොස් ඇද්ද යන්න සෙවීමට විමර්ශන කටයුතු සිදුකෙරෙන බවද පොලීසිය පවසයි.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්