පසුගිය සති අන්තයේ පැවැති (26-27) කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි තරඟාවලියේ පළමු අදියර වෙනුවෙන් සුපිරි නළු නිළියන් ගෙන්වා ගැනීම හා වෙනත් කටයුතු සඳහා රුපියල් කෝටි හතකට ආසන්න මුදලක් වැයකර ඇති බව වාර්තා වෙයි. මීට අමතරව රගර් තරඟාවලිය අවසානයේ (ජූනි 03) පැවැත්වීමට නියමිත ප්රසංගය සඳහා ඉන්දීය කලාකරුවන් ගෙන ඒමට ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් කෝටි 15කි.
පැය දෙකක මෙම ප්රසංගය සඳහා බොලිවුඞ් ජනපි්රය සරාගී නිළියන් දෙදෙනෙකු වන බිපාෂා බාසු සහ සමීරා රේඩි සහභාගි වන අතර බිපාෂා සහ ඇයගේ සහයට සිටින 15 දෙනෙකු ගෙන්වා ගැනීම වෙනුවෙන් පමණක් වැය කිරීමට ඇස්තමේන්තු කර තිබෙන මුදල රුපියල් කෝටි හයකි.
සත් සාමාජික රග්බි තරඟාවලියට කී්රඩා කරනු ලබන ශී්ර ලාංකික කී්රඩකයන්ගෙන් වැඩිම ගෙවීම ලබන කී්රඩකයා සුදර්ශන මුතුතන්තී්රය. උතුර ඊගල් පිල නියෝජනය කරන ඔහුට දිනකට රුපියල් 74,000ක මුදලක්ද සජිත් සාරංග කී්රඩකයාට රුපියල් 65,000ක මුදලක්ද දිලිප් සෙල්වම් කී්රඩකයාට රුපියල් 59,000ක්ද ගෙවීමට එකඟ කරගෙන තිබේ. අනෙකුත් ශී්ර ලාංකික කී්රඩකයන්ට ලැබෙන්නේ ඊටත් වඩා අඩු මුදලකි.
නමුත් තරඟාවලියට සහභාගි වන විදෙස් කී්රඩකයන්ට එමෙන් දසගුණයක මුදලක් ගෙවීමට එකඟ වී ඇති බවද වාර්තා වේ.









