ආණ්ඩුව දෙමළ ජනතාවගේ සැබෑ ප්රශ්න අමතකරමින් උතුරේ ජනතාව වෙනුවෙන් 13 වෙනි ව්යවස්ථා සංශෝධනය ක්රියාත්මක කිරීම හා එහි ඉඩම් බලතල පොලිස් බලතල සංශෝධනය යන කරුණු මේ වනවිට ප්රධාන මාතෘකාව කරගෙන ඇති බව, “13 වෙනුවට, උතුරේ ජනතාව මුහුණදෙන විසඳුම් නැති ප්රධාන ප්රශ්න 13ක්” යනුවෙන් අද (27) පෙරවරුවේ කොළඹ නිපොන් හෝටලයේ පැවති ජනමාධ්ය හමුවේදී සහෝදරත්වයේ ජනතා පවුර (PWC) සංවිධානයේ සම කැඳවුම්කරු, ජනතා විමුක්ති පෙරමුණේ මධ්යම කාරක සභික, පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත් මහතා පැවසීය.
මාධ්ය සාකච්ඡාවේදී අදහස් දක්වන සම කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතා.
දැනට රටේ ප්රධාන මාතෘකාවක් බවට පත්වී ඇත්තේ උතුරේ ජනතාව වෙනුවෙන් 13 වෙනි ව්යවස්ථා සංශෝධනය ක්රියාත්මක කිරීම හා එහි ඉඩම් බලතල පොලිස් බලතල සංශෝධනය යන කරුණයි. මෙම ඉඩම් බලතල පොලිස් බලතල පිළිබඳ විශාල සාකච්ඡාවක් තිබුණත් දෙමළ ජනතාවගේ සැබෑ ප්රශ්න ඔවුන්ට අමතක වෙලා. ඒ නිසා උතුරේ ජනතාව මුහුණ දෙන තවමත් විසඳුම් ලැබී නැති මූලික ප්රශ්න 13ක් ගැන අපේ අවධානය යොමුකරන්න බලාපොරොත්තු වෙනවා. යුද්ධය අවසන් වෙලා වසර 4ක් ගතවුණත් මෙම ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. බලය බෙදාගන්න, බලය බදාගන්න හදන ආණ්ඩුවේ පිරිස් වගේම උතුරේ දෙමළ ජනතාව නියෝජනය කරනවා යයි කියන දෙමළ පක්ෂත් මේ ප්රශ්න ගැන කථා නොකිරීම කණගාටුවට කරුණක්. මොවුන් ඉඩම් බලතල, පොලිස් බලතල ඉල්ලන්නේ මෙම පීඩාවට පත්වී සිටින ජනතාවම පාලනය කිරීමටයි. එනිසා මෙම ප්රශ්න රටේ ජනතාවගේ මෙන්ම ආණ්ඩුවේත් අවධානයට යොමුවිය යුතුයි.
01. අවතැන්වූවන්ගේ ප්රශ්නය තවදුරටත් පැවැතීම:- උතුරේ ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ප්රධානම ප්රශ්නය තවමත් අවතැන් කඳවුරුවල ජීවත් වීමට සිදුවීමයි. කංකසන්තුරේ ඇතුළු ප්රදේශ ගණනාවක පවුල් 1239ක 4500 ක පමණ ජනතාවක් තවමත් සුභසාධන මධ්යස්ථානවල ජීවත් වෙනවා. නල්ලූර්, පොතුවිල්, කෝපායි, පේදුරු තුඩුව වැනි ප්රදේශවල සුභසාධන මධ්යස්ථාන 34ක තවමත් මෙම අවතැන් පවුල් ජීවත් වෙනවා. ඉඩම් පොලිස් බලතලවලට වඩා අවධානය යොමුකළ යුතු වන්නේ මෙම අවතැන් ජනතාව පිළිබඳවයි. ඒ වගේම යුද්ධය සමයේ රට හැරගිය ලක්ෂයක පමණ ජනතාවක් පුරවැසිභාවයක් නොමැතිව තමිල්නාඩුවේ ජීවත් වෙනවා. අපි පාර්ලිමේන්තුවේදී මෙම ජනතාවගේ පුරවැසිභාවය ලබාදෙන්න අවධානය යොමු කළා.
02. ජනතාවගේ ඉඩම් ප්රශ්නය:- උතුරේ ඉඩම් අධි ආරක්ෂක කලාප යැයි නම් කරමින් හමුදාව විසින් අත්පත් කරගනිමින් ඉන්නවා. මේ ආකාරයට ඉඩම් අක්කර 6000ක් පමන අත්පත් කරගෙන තිබෙනවා. එල්.ටී.ටී.ඊ.ය ඔවුන්ගේ මහා විරුවන්ගේ පවුල්වලට යැයි කියමින් මුල් පදිංචිකරුවන් ඉවත් කරමින් ඉඩම් පවරා ගත්තා. යුද්ධයෙන් පසු එම ජනතාවට තමන්ගේ ඉඩම්වල මුල් අයිතිය තහවුරු කිරීමට නොහැකි වෙලා තිබෙන අතර එම ඉඩම් ආණ්ඩුව විසින් අත්පත් කරගන්නවා. ඒ වගේම දේශපාලන බලවතුන් බලය පාවිච්චි කරලා එවැනි ඉඩම් අත්පත්කර ගන්නවා. ඒ වගේම සමහර පවුල්වල වැඩිහිටියන් මිය යාම නිසා ඉඩම්වල අයිතිය තහවුරු කිරීමට බැරිවෙලා තිබෙනවා. එම ජනතාවට ඉඩම් බෙදාදීමට වැඩපිළිවෙලක් ආණ්ඩුවට නැහැ. දෙමළ, මුස්ලිම්, සිංහල සියලූම ජනතාවට ඉඩම් අහිමිවෙලා තිබෙනවා. මේ හේතුව නිසා එම ප්රදේශවල ජාතිවාදය, බෙදුම්වාදය පෝෂණය වන ආකාරයට දේශපාලකයින් මෙම ප්රශ්නවලට මැදිහත් වෙමින් තිබෙනවා.
03. උතුරු ප්රදේශයේ පවතින අර්ධ මිලිටරි පාලනය:- උතුරු පළාතේ තවමත් තිබෙන්නේ අර්ධ මිලිටරිකරණයක්. යුද්ධය අවසන් වූ පසු උතුරේ සිවිල් පාලනය ස්ථාපිත කළ යුතුව තිබුණත් ආණ්ඩුව ගෙනයන්නේ තවමත් හමුදා පාලනයක්. එම ප්රදේශවල ජනතාවගේ ප්රජාතන්ත්රවාදය, නිදහස අහෝසි වෙලා තිබෙනවා. ඒ-9 මාර්ගයේ අලිමංකඩ, වැනි තැන්වල නැවතත් හමුදා බාධක යොදා රථවාහන පරීක්ෂා කරමින් ඉන්නවා. එම ප්රදේශවල හමුදාව දැනුවත් කරන්න පාසලක රැස්වීමක්, සංස්කෘතික කටයුත්තක් කරන්න බැරි තත්වයක් උද්ගත වෙලා තිබෙනවා. ආණ්ඩුවට පක්ෂපාතී නොවන මාධ්යවේදීන්, දේශපාලනඥයින්ට හමුදාව බලපෑම් කරමින් ඉන්නවා. එල්.ටී.ටී.ඊ. යේ සාමාජිකයින් පුනරුත්ථාපනය කිරීමෙන් අනතුරුවද ඔවුන් පිටුපස හමුදා බුද්ධි අංශ යොදවලා ප්රශ්න කරමින් ඉන්නවා. එල්.ටී.ටී.ඊ. නායිකාවක් වූ තමිලිනී වැන්නවුන් නිදහස් කරන ආණ්ඩුව පුනරුත්ථාපනය කරන පුද්ගලයින් පිටුපස පන්නමින් ඉන්නවා. උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස සිටින්නේ හමුදාවේ ප්රධානියෙක්. පුදුකුඩුඉරිප්පු ප්රදේශයේ තවමත් අධිආරක්ෂක කලාපයක්.
04. ණයගැති භාවය:- උතුරේ ජනතාවගෙන් 80%ක් විධිමත් සහ අවිධිමත් ආකාරයේ ණයගැතියන් භාවයට පත්වෙලා. ලංකා බැංකුවේ පමණක් රුපියල් මිලියන 1800ක් අයකරගත නොහැකි ණය ලෙස පවතින බවට සංඛ්යාලේඛණ සාක්ෂි දරනවා. ණය ගෙවාගත නොහැකිව පවුල් පිටින් සියදිවි නසාගන්නවා.
05. දෙමව්පියන් අහිමි දරුවන්ගේ සහ වැන්දඹුවන්ගේ ගැටලු:- දෙමව්පියන් අහිමි වූ දරුවන්, ස්වාමියන් අහිමිවූ වැන්දඹුවන්, දරුවන් අහිමි වූ දෙමාපියන්, පවුලේ සාමාජිකයෙකු හෝ දෙදෙනෙකු අහිමිවූ පවුල් විශාල ප්රමාණයක් උතුරු ප්රදේශයේ ඉන්නවා. ස්වාමියන් නැති වැන්දඹු පවුල් පමණක් 27,000ක් පමණ සිටිනවා. මව පියා දෙදෙනාම අහිමිවූ දරුවන් 8,000ක් පමණ සිටිනවා. ඒ වගේම පවුලට ආදායම් ගෙනා දරුවන් නොමැති වූ දෙමව්පියන් විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්වී සිටිනවා.
06. නිවාස ප්රශ්නය:- උතුරේ ජනතාවට මුහුණ දීමට සිදුව ඇති තවත් බරපතලම ප්රශ්යක් වන්නේ නිවාස ප්රශ්නයයි. එම ජනතාවගෙන් 50%ක් තවමත් ජීවත් වන්නේ තාවකාලික නිවාසවලයි. ඉතිරි 50%ත් ජීවත්වන්නේ ජීවත් වීමට අවම සුදුසුකම් පවා සම්පූර්ණ කර නොමැති නිවාසවලයි. ජලය, විදුලිය වැනි අත්යාවශ්ය යටිතල පහසුකම් පවා ඔවුන්ට ලැබෙන්නේ නැහැ. බහුතරයක් ජීවත් වන්නේ ටකරන් නිවාසවලයි.
07. ධීවරයින් මුහුණදෙන ගැටලු:- යුද්ධය අවසන් වී වසර 4ක් ගතවෙලත් ආණ්ඩුව රාජතාන්ති්රක සාකච්ඡුා මගින් උතුරේ ජනතාවගේ මුහුදු සීමාවේ ප්රශ්න විසඳලා නැහැ. මුහුදු සීමාවන් උල්ලංඝණය කරන ඉන්දීය ධීවරයන්ද උතුරේ ධීවරයින් විශාල ලෙස පීඩා විඳිනවා. උතුරේ ජනතාවට අයත් මුහුදු සීමාවේ ඉන්දියානු ධීවරයින් ධීවර කටයුතු කරමින් සිටිනවා.
08. රැකියා සහ ජීවනෝපාය මාර්ග ප්රමාණවත් නොවීම:- උතුරේ ජනතාවට රැකියාවක් හෝ ස්ථිර ආදායම් මාර්ගයක් නොමැතිවී ඉතාම බරපතල තත්වයක්. රැකියා විරහිතභාවය එම ප්රදේශවල උග්රවී තිබෙනවා. උතුරු පලාතේ දිස්ති්රක්ක 4න් රජයේ හෝ පෞද්ලික කර්මාන්ත ශාලා නැහැ. අධ්යාපන සුදුසුකම්වලට අනුව රැකියා නැහැ. එනිසා නීත්යානුකූල නොවන මාර්ගවලින් විදෙස්ගතවන්නන් විශාල ලෙස වැඩිවී තිබෙනවා. ඒ වගේම වැන්දඹුවන් නීත්යානුකූල නොවන ක්රම මගින් මුදල් හම්බ කිරීමට පෙළඹී සිටිනවා. උතුරු පළාතේ විශාල ලෙස ගණිකාවන් වැඩිවී තිබෙනවා.
09. මව් භාෂාවෙන් කටයුතු කරගැනීමට අවස්ථා නැතිකම:- 95%ක්ම දෙමළ කථා කරන උතුරේ ජනතාවට තමන්ගේ මව් භාෂාවෙන් අවශ්ය කටයුතු ඉටුකර ගැනීමට බැරි දුෂ්කරතාවයකට පත්වී සිටිනවා. විශේෂයෙන් පොලීසියේ, හමුදාවේ රාජ්ය ආයතනවලදී ඔවුන් දැඩි අපහසුතාවයන්ට පත්වෙනවා. දෙමළ බසින් කථාකරන නිළධාරීන් එම ආයතනවලට යෙදවීමට ආණ්ඩුව අසමත් වෙලා. ඉතාම මානුෂීය ප්රශ්නයක් වන මෙවැනි අයිතිවාසිකම් ඉටුකර දෙනවා වෙනුවට ඉඩම් පොලිස් බලතල ගැන කථා කිරීම පළක් නැති දෙයක්.
10. මානවහිමිකම් ආරක්ෂා නොවීම. (දේශපාලන සිරකරුවන්ගේ, අතුරුදහන්වූවන්ගේ, මාධ්යවේදීන්ගේ):- උතුරු ප්රදේශයේ ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා නොවනවා වගේම විශාල ලෙස මානව හිමිකම් උල්ලංඝණය වෙමින් තිබෙනවා. මාධ්ය ආයතනවලට, මාධ්යවේදීන්ට පහර දුන්නා. අවුරුදු 20ක් පමණ සිර දඬුවම් විඳින දේශපාලන සිරකරුවන් සිටිනවා. එල්.ටී.ටී.ඊ. නායකයින් ඇමතිකම් දරන අතරේ දේශපාලන සිරකරුවන් චෝදනා නොමැතිව සිරගත කොට සිටිනවා. අතුරුදහන් වූවන් පිළිබඳ කිසිදු තොරතුරක් නැහැ. ආණ්ඩුවට විරුද්ධ දේශපාලන අදහස් තිබෙන පක්ෂවලට උතුරු ප්රදේශයේ කටයුතු කරන්න බැරිවෙලා තිබෙනවා.
11. අධ්යාපන හා සෞඛ්ය පහසුකම් අවම මට්ටමින් වත් නොලැබීම:- යාපනයේ සහ ප්රධාන නගරවල හැර ගම්මානවල යටිතල පහසුකම්, සෞඛ්ය, අධ්යාපනය ඉතාම දුෂ්කර තත්වයක තිබෙනවා. යාපනයේ ජනතාවගේ දරුවන්ට අධ්යපන පහසුකම් ලැබීමේ අයිතියත් අහිමිවී තිබෙනවා. ඔවුන් ජීවත් වන්නේ ඉතාම දුෂ්කර කොන්දේසි යටතේ.
12. වැව් අමුණු අලූත්වැඩියා නොකිරීම සහ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් නොලැබීම:- ගොවි කටයුතුවලට අවශ්ය යටිතල පහසුකම් ගොඩනැගීමට යුද්ධය අවසන් වී ගතවුණු වසර 4ක් වැනි විශාල කාලයක් තුළදී ආණ්ඩුවට නොහැකිවී තිබෙනවා. වාරිමාර්ග පද්ධතිය නැවත සකස් කිරීමද එම අමාත්යංශ මැදිහත් වුණේ නැහැ. කෘෂිකර්මාන්තයට ලැබෙන පහසුකම් ඉතාමත් අඩු මට්ටමක තිබෙන්නේ. එවැනි දුෂ්කර කොන්දේසි යටතේ ගොවිතැන් කර ලැබෙන නිෂ්පාදනවලටත් නිසි මිලක් නැබෙන්නේ නැහැ. ඔවුන්ගේ වගාවන් විශාල ලෙස හානිවීමෙ අවදානමක් තිබෙනවා. නමුත් ඔවුන්ට කිසිදු වන්දියක් ලැබෙන්නේ නැහැ.
13. ආණ්ඩු පාක්ෂික නොවන දේශපාන මතධාරීන් හා මානවහිමිකම් කි්රයාකාරිකයින් මර්දනය:- ආණ්ඩුවට පක්ෂපාතී නොවන පුද්ලයින් හා මාධ්යවේදීන් දැඩි ලෙස මර්දනය කරමින් ඉන්නවා. ආණ්ඩුවට එරෙහිව මත දැක්වීම්, මර්දනය කරමින් තිබෙනවා. සහෝදරත්වයේ ජනතා පවුරේ අපි උතුරට ගිය අවස්ථාවකදී පුද්ලිකව පහරකෑම් වලටත් ලක්වී තිබෙනවා.
මෙම ගැටළු 13 පිළිබඳ බලය තහවුරු කරගන්න මාන බලන ආණ්ඩුව අවධානය යොමු කරන්නේ නැහැ. එයින් සිදුවන්නේ ජාතිවාදය, අන්තවාදය පෝෂණය වීමයි. උතුරේ ජනතාවට ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ලබාදීමට අවම වැඩපිළිවෙලක් හෝ ආණ්ඩුවට නැහැ. සහෝදරත්වය, ජාතීන් අතර බැඳීම ඇතිකරන්න ආණ්ඩුව සමත් වෙලා නැහැ. ජාතිවාදය වපුරමින් බෙදුම්වාදයට සරු බිම් බවට උතුරු පලාත පත්වී තිබෙනවා. එබැවින් අපි ආණ්ඩුවට යෝජනා කරන්නේ අඩුම තරමින් මෙම ප්රශ්න 13 පිළිබඳව ලබාදෙන්න පුළුවන් විසඳුම් ගැන අවධානය යොමුකරන්න කියලයි.
උතුරට කර්මාන්තශාලා, ගොවිපලවල්, ස්ථාපිත කරන්න පුළුවන්. කෘෂිකර්මාන්තය දියුණු කරන්න පුළුවන්. ආණ්ඩුව හානියට පත්වුණු සෑම නිවාසයකටම නව නිවාස ලබාදිය යුතුයි. දේපළ හානිවලට වන්දි ගෙවිය යුතුයි. සිවිල් පාලනය ස්ථාපිත කළ යුතුයි. ජනතාවට අපි කියන්නේ මෙම ප්රශ්නය පිළිබඳව ජාතිවාදී කෝණයෙන් බලන්නේ නැතිව උතුරේ ජනතාව මුහුණ දෙන ප්රශ්න පිළිබඳව අවධානය යොමුකරන්න කියලා.
මෙම මාධ්ය හමුවට සම කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්තී්ර රාමලිංගම් චන්ද්රසේකර්, එම සංවිධානයේ යාපනය සම්බන්ධීකාරක සින්නදොරෙයි රාජේන්ද්රන් සහ විධායක කමිටු සාමාජික ඒ.එස්.එස්. බුහාරින් යන මහත්වරුන්ද සහභාගි වූ අතර ඔවුන්ද එහිදී අදහස් දැක්වූහ.










