රන් බිස්කට් අධෝමාර්ගයේ සඟවාගෙන විදේශගතවීමට තැත්කළ පුද්ගලයකු කටුනායක ගුවන් තොටුපල රේගුව මගින් ඊයේ (29) රාත්රී 09.00ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා 44 හැවිරිදි මිගමුව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
රේගුව සදහන් කළේ කිලෝග්රෑම් 1යි ග්රෑම් 200ක් බරැති රුපියල් ලක්ෂ 90 ක් වටිනා රන් බිස්කට් 12ක් අධෝමාර්ගයේ තිබූ බවයි.









