චිලී දේශයට අඩි 12ක සුනාමික්

ඊයේ (17) චිලී දේශයට බලපෑ රිච්ටර් පරිමාණයේ ඒකක 8.3ක ප්‍රබල භූ කම්පනයෙන් පසු ඇති ඇති වූ සුනාමි රළ පහර අඩි දොළහක් පමණ උසට එරට වෙරළ තීරයට ඇතුළු වූ බව වාර්තා වේ.

භූකම්පනයෙන් පසු සූනාමි අනතුරු ඇගවීම් නිකුත් කර තිබූ අතර මිලියනයක් පමණ පිරිසක් වෙරළ තීරයෙන් ඉවත් කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ. මෙම භූකම්පනයට චිලී රාජ්‍යයේ බටහිර වෙරළ තීරයට ඔබ්බෙන් ෆැසිපික් සාගරය පතුලේ හටගෙන තිබේ.

පේරු, හවායි, කැලිෆෝනියා, නවසීලන්තටද සුනාමි අනතුරු හැගවීම් නිකුත් කර තිබිණි. ප්‍රබල භූ කම්පනයෙන් පසුව තවත් පසුකම්පන ගණනාවක්ම සිදු වී තිබේ. අර්ජන්ටිනාවේ බුවනෝර්ස් අයර් අගනුවරටද මෙම භූ කම්පනයේ බලපෑම් එල්ල වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්