අද ශ්රෙෂ්ඨාධිකරණයේ විභාගයට ගැනීමට නියමිතව තිබූ පෙත්සම් සියල්ල ලබන ජූනි 11 වෙනිදා දක්වා කල් දමා තිබේ. විනිසුරුවරුන් 09 දෙනෙක්ගෙන් යුත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද මෙම පෙත්සම් විභාගයට ගැනීමට නියිමිතව තිබූ අතර එක් විනිසුරුවරයෙක් විශ්රාම ගොස් සිටි නිසා මෙලෙස නඩු විභාගය කල් දැමීමට සිදුවිය. අද විනිසුරු මඩුල්ලේ ප්රධානියා වශයෙන් පෙනී සිටියේ ශිරානි තිලකවර්ධන මහත්මියයි.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එම නඩු විභාගයට සහභාගී වූ විජිත හේරත් මහතා කියා සිටියේ ආණ්ඩුව උත්සාහ දරන්නේ දෝෂාභියෝගය සම්බන්ධයෙන් මීට ඉහතදී ලබාදුන් නඩු තීන්දු තමන්ට අවශ්ය පරිදි වෙනස් කර ගැනීමේ අරමුණින් මෙම නව පුද්ගල විනිසුරු මඩුල්ල පත් කර ඇති බවයි. එම ක්රියාමාර්ගය නීති විරෝධී හා ප්රජාතන්ත්රවිරෝධී වන අතර ආණ්ඩුවේ මෙම දුෂ්ඨ අරමුණ පරාජය කිරීම වෙනුවෙන් තම පක්ෂය මැදිහත්කරුවෙකු වශයෙන් මැදිහත් වන බවද විජිත හේරත් මහතා ප්රකාශ කරයි.
ආශ්රිත පුවත් – 1987ට පසු නව පුද්ගල විනිසුරු මඩුල්ලක් රැස්වෙයි











