ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රකාශයට අනුව සැප්තැම්බර් මාසයේදී නව ආණ්ඩුවක් පිහිටුවීමට නම් ලබන මස 10 වැනිදාට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවත් එසේ වුවහොත් අගෝස්තු මාසය අවසන් වීමට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය හැකි බවත් මැතිවරණ මහලේකම් කාර්ලයාලය පවසයි.
කෙසේ වෙතත් මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගන්නා සහ මැතිවරණය පැවැත්විය යුතු නිශ්චිත දින අවසාන වශයෙන් නියම කළ යුත්තේ ජනාධිපතිවරයා බවද මෙහිදී වැඩිදුරටත් ප්රකාශ කෙරිණ.









