ගනුදෙනු කරුවන් 10 දෙනෙක් ලංකා බැංකුවට බිලියන ගණන් පොලු තියලා

2014 ඔක්තෝම්බර් සහ 2015 මාර්තු මාසය යන කාල පරිච්ඡේදය සඳහා නිකුත් කර තිබෙන නවතම අතුරු වාර්තාවෙන් ලංකා බැංකුවට මහා පරිමාණ ගනුදෙනු කරුවන් 10 දෙනෙකු රුපියල් බිලියන 2.5ක මුදලක් ගෙවා හැරීම පැහැර හැර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින් ඉදිරිපත් කර තිබෙන නවතම අතුරු වාර්තාවෙන් අනාවරණය කර ගෙන තිබේ.

මෙම සමාගම් අතර ප්‍රින්ටින් සමාගමක්, ප්‍රසිද්ධ ඇඟලුම් සමාගමක් මෙන්ම නාවික සමාගමක් සිටින බවත් ගනුදෙනු කරුවන්ගෙන් කිහිප දෙනෙකුටම එරෙහිව බැංකුව විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් අනාවරණය කරගෙන තිබේ. මේ අතර 2012 වසරේදී 56.3% ක්වු ලංකා බැංකුවේ ආදායම් වර්ධනය 2013 වසරේදී 15.7% දක්වා කඩා වැටී ඇත. තවද ලංකා බැංකුව විසින් ගනුදෙනුකරුවන් 15 දෙනෙකුට පමණක් ලබාදුන් බැංකු අයිරා පහසුකම් (Overdrafts) වලින් රුපියල් මිලියන 491 ක් ද ගෙවීම පැහැරහැර ඇති බව අනාවරණය වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ රාජ්‍ය බැංකු පද්ධතියේ අධ්‍යක්ෂ මණ්ඩල හා ප්‍රධානීන් ලෙස තම දේශපාලන හිතවතුන් පත් කරගනිමින් ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘති සඳහා රාජ්‍ය බැංකුවල සතු අරමුදල් එම බැංකුවල පැවැත්මද අනතුරට ඇද දමා යොදවාගනු ලැබීය. තවද රාජ්‍ය බැංකු සතු වත්කම් ඇපයට තබමින් අධික පොළී මත විදේශ බැංකුවලින් ණය ලබාගත් අතර තම දේශපාලන හිතවතුන්ගේ ව්‍යාපෘති සඳහා කිසිදු ඇප කොන්දේසියකින් තොරව මිලියන ගණනින් මුදල් ලබා දී ඇත. එම තත්වය හමුවේ රාජ්‍ය බැංකු පද්ධතීයේ පැවැත්ම දැඩි අනතුරකට මේ වනවිට ලක් වී තිබේ. ඊට එරෙහිව කඩිනමින් මැදිහත් වී මහජන මුදල් ගෙවීම පැහැර හරිමින් සිටින පුද්ගලයින් වහාම නීතිය හමුවට පමුණුවා අයවිය යුතු මුදල් ලබා ගැනීමට ක්‍රියා කළ යුතු බවට ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්