ශ්‍රීලනිපය දෙදරයි – 10ක් ආණ්ඩුවට

විධායක ජනාධිපති ධුරයේ ඇති අහිතකර බලතල ඉවත් කිරීම සඳහා ‍ගෙන එන ලද 19වන ව්‍යවස්ථා සංශෝධනයත් සමග මැතිවරණ සංශෝධනයද ගෙන ආ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන ඇති තීරණයත් සමග එම පක්ෂය දෙකඩ වීමේ අනතුරකට පත්ව තිබේ.

එය නොවැලැක්විය හැකි ලෙස මේ වනවිට මතුව ඇති අතර 19 වන ව්‍යවස්ථා සංශෝධනය සමග මැතිවරණ සංශෝධනයද ගෙන ආ යුතු බවට වූ මතය ගෙන යනු ලබන්නේ ප්‍රධාන වශයෙන්ම නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රමුඛ පිරිසකි.

කෙසේ නමුත් එයට විරුද්ධව 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව සිටින කණ්ඩායමක්ද මේ වනවිට ශ්‍රීලනිපය තුළ සිටින අතර ඔවුන්ගෙන් 10 දෙනෙකු හෙට (23) දිනයේ වත්මන් මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ ඇමති ධුර භාරගැනීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්