උතුරු මැද පළාත් සභාවේ සභා නායක සන්ධාන මන්ත්රී ආනන්ද සරත් කුමාරට ඇප ලබාදීම හත්වන වතාවටත් ප්රතික්ෂේප කිරීමට අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් අධිකරණය තීරණය කර තිබේ.
පළාත් සභා විමධ්යගත අරමුදල් යොදා දිළිදු ජනතාවට සෙවිලි තහඩු බෙදාදීමේ දී රුපියල් ලක්ෂ 9ක පමණ මුදලක් සාවද්ය ලෙස පරිහණය කළ බවට උතුරු මැද පළාත් සභා නායකවරයා පසුගිය ජුනි මස 12 වැනිදා අත්අඩංගුවට ගත්තේය.
සිද්ධියට අදාළ නඩුව අද (12) කැඳවු අවස්ථාවේ සැකකරු ඇප මත මුදාහරින ලෙස ඔහුගේ නීතීඥයින් යළිත් වරක් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
එම ඉල්ලීම ප්රතික්ෂේප කළ අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් ශානක කලංසූරිය මහතා සැකකරු ලබන 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
ඇප ලබාදීම සම්බන්ධයෙන් එදිනට සලකා බලන බව ප්රකාශ කළ මහේස්ත්රාත්වරයා සිද්ධියට අදාළව සිදුකෙරෙන විමර්ශනවල ප්රගතිය දැක්වෙන වාර්තාවක් එදිනට ඉදිරිපත් කරන ලෙස පොලිස් මුල්ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කර ඇත.









