අරලගංවිල පොලිස් වසමේ නුවරගල ප්රදේශයේදී 2008 ජුලි 27 වැනිදා වෙළෙඳසලකට පැමිණ වෙඩි තැබීමක් හා පහරදීමක් සම්බන්ධව චෝදනා ලැබ සිටින මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වාට විරුද්ධව දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්රාත් අධිකරණයේ ඊයේ (08) පැවැති නඩුව ජුලි මස 06 වැනිදාට කල් තැබීමට දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්රාත් චාමර වික්රමනායක මහතා නියෝග කළේය.
අරලගංවිල පොලිසිය මගින් මෙම නඩුව අධිකරණයට ගොනු කර තිබුණි.
ප්රධාන සැකකරු වන ඇමැති ආචාර්ය මර්වින් සිල්වා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, නීතිඥ කුමාරි රත්නායක යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.









