අර්ජුන, හිරුණිකා, රාජිත අතුළු 05ගේ පක්ෂ සාමාජිකත්වය තහනම්

ශ්‍රීලනිප ව්‍යවස්ථාවට හා පක්ෂ නීතිරීතිවලට පටහැනිව ක්‍රියා කරමින් මහ මැතිවරණයට තරඟ කිරීමට ඉදිරිපත් වූ ශ්‍රීලනිප සාමාජිකයන් වූ වෛද්‍ය රාජිත සේනාරත්න, එස්.බී. නාවින්න, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, අරජුන රණතුංග හිරුණිකා ප්‍රනාන්දු යන අයගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට පියවර ගෙන ති‍බේ.

අද(28) පස්වරුවේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනපති මාධ්‍ය ඒකකය මේ බව සඳහන් කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ සාමාජිකයින් වෙත ඒ බව දන්වා යවා ඇති බවද අදාළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන්‍ වෙයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්