මහ මැතිවරණයේ දී රාජ්‍ය දේපළ අවභාවිතය ගැන පක්ෂ 05කට චෝදනා

මෙලෙස රාජ්‍ය සම්පත් මැතිවරණයට යොදාගැනීම පිළිබඳව චෝදනා එල්ල වී තිබෙන දේශපාලන පක්ෂ වන්නේ, එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, ද්‍රවිඩ ජාතික සන්ධානය යන පක්ෂවලට බවද කැෆේ සංවිධානය සඳහන් කරයි.

සාමාන්‍යයෙන් මැතිවරණවලදී මෙතෙක් රාජ්‍ය දේපළ අවභාවිතය පිළිබඳව චෝදනා එල්ල වී තිබුණේ බලයේ සිටින පක්ෂයට පමණක් වුවත්, මෙම මහ මැතිවරණයේ දී මේ වනවිටත් පක්ෂ 05ක් රාජ්‍ය දේපළ අවභාවිතයට ලක්කරමින් සිටින බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂක කීර්ති තෙන්නකෝන් මහතා මාධ්‍ය වෙත පවසයි.

මෙම පක්ෂ 05 නියෝජිතයන් රාජ්‍ය වාහන, රාජ්‍ය සේවකයන්, රාජ්‍ය ගොඩනැගිලි මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගන්නා බවත්, රාජ්‍ය ආයතන තුළටම ගොස් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරන බවත් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

ගෙවීගිය කාලය තුළදී රාජ්‍ය ආයතන 14කට පත්වීම් ලබාදීමට, රාජ්‍ය නිලධාරීන්ට උසස්වීම් ලබාදීමට, ස්ථාන මාරුවීම් ලබාදීමට උත්සහකර තිබෙන නමුත් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඒ පිළිබඳව ලැබුණු පැමිණිලි මත එම ක්‍රියා සියල්ලම නවතා දමා තිබෙන බවද හෙතෙම සඳහන් කරයි.

කෙසේ නමුත් උක්ත දේශපාලන පක්ෂ සියල්ලම රාජ්‍ය පාලනයට සම්බන්ධව ඇති අතර ද්‍රවිඩ ජාතික සන්ධානය උතුරු පාළාතේ පළාත් සභා බලය හොබවනු ලබයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්