කුරුණෑගල දිස්ත්රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී අපේක්ෂක මහින්ද රාජපක්ෂට අපහාස සිදු වන ආකාරයෙන් අසත්යය ප්රකාශ සිදු කළ බවට චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්රිවරුන් ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකුට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගැනිමට මහින්ද රාජපක්ෂ කටයුතු කර ඇති බව නීතිඥවරුන් පිරිසක් පවසති.
අද (26) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්ය හමුවකදී නිතිඥ සාගර කාරියවසම් ඇතුළු පිරිසක් සඳහන් කළේ අදාළ පිරිසට ඊයේ (25) දිනයේ එන්තරවාසි යොමු කළ බවයි.
ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ගායන ශිල්පි සුනිල් පෙරේරා, අමාත්ය මංගල සමරවීර, නියෝජ්ය අමාත්ය රංජන් රාමනායක, එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්රි නලින් බණ්ඩාර, යන මහත්වරුන්ට මෙලෙස එන්තරවාසි යවා ඇත.
ජවිපෙ නායක අනුර දිසානායක මහතාට එරෙහිව රුපයිල් මිලියන 1000ක වන්දි නඩුවක් ගොණු කරන බවද එම නීතිඥවරුන් පවසා සිටියේය.
මෙම පිරිසෙන් විශේෂයෙන් අනුර දිසානායක මහතා රාජපක්ෂ පාලනය පෙරලා දැමීමේ ප්රබලතම චරිතයක් බවට පත්ව සිටි අතර ඔහු රටත් ජනතාවත් අනතුරේ හෙළනු ලබන තීන්දු තීරණ ගන්නා සෑම පාලකයෙකුම නිර්දය ලෙස විවේචනය කරමින් ඊට එරෙහිව ජනතාව අවධිකළ නායකයෙකු වන අතර ඒ බව පක්ෂ බේදයකින් තොරව උගත් බුද්ධිමත් සිවිල් ජනතාව නිරන්තරයෙන් මාධ්ය ඔස්සේ ප්රකාශකරනු පසුගිය දිනවලදී මේන්ම මේදිනවලද දක්නට ලැබේ.









