ශ්රී ලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂ පිල නියෝජනය කරන බන්ධුල ගුණවර්ධන සභාපති ධූරය දැරූ පාදුක්ක හා හෝමාගම යන ප්රාදේශීය සංවර්ධන කමිටුවල එම තනතුරින් ඔහු ඉවත් කර ඇති බව වාර්තා වේ.
එම ප්රාදේශීය සංවර්ධන කමිටුවල සභාපති ධූරයට නියෝජ්ය කතානායක තිලංග සුමතිපාල මහතා පත්කර ඇති බව මාධ්ය වාර්තා කරයි.
රාජපක්ෂ පිල නියෝජනය කරන ශ්රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ මුල් පෙළේ සාමාජිකයකු වීම මෙම තනතුරින් බන්ධුල ගුණවර්ධන ඉවත් කිරීමට හේතු විය හැකි බව දේශපාලන නිරීක්ෂකයෝ පවසති.









