ෆොන්සේකා වෙනුවෙන් එජාපයෙනුත් මැතිසබයට යෝජනාවක්

 

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට පැනවූ සියලූ දඬුවම් වලින් නිදොස් කොට නිදහස් කර, ඔහුට හිමි සියලූ වරප‍‍්‍රසාද හා අයිතිවාසිකම් හිමි කර දෙන්නැයි එක්සත් ජාතික පක්‍ෂය පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත‍‍්‍රී යෝජනාවක් ගෙන ඒම සඳහා ඊයේ (21) එම පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී යෝජනාවක් සම්මත කර ඇතැයි වාර්තා වේ.

කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මුලසුන හෙබවූ එම පක්ෂයේ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මේ යෝජනාව ඉදිරිපත් කර තිබේ. ෆොන්සේකාගේ ඡන්ද අයිතිය තහවුරු කර විදේශ ගමන් බලපත‍‍්‍රයද ආපසු දෙන්නැයි එම යෝජනාවෙන් සඳහන් බව කියවේ.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්