
සරත් ෆොන්සේකා මහතා කොටි ත්රස්තවාදී බෝම්බ ප්රහාරයට ගොදුරු වි අදට (25) වසර හයක් පිරෙන බවද, සිරගත වී වසර තුනක් පිරෙන බවද ඊයේ (24) කෝට්ටේදී අනෝමා ෆොන්සේකා පදනම පිහිටුවීමේ ආරම්භක අවස්ථාවේ පැවති මාධ්ය හමුවකදී ජයන්ත කැටගොඩ මහතා කීවේය.
යුද අධිකරණය මගින් ලබා දුන් වසර තුනක සිර දඬුවම හෙට (26) අවසන් වන බැවින් සිය නීතිඥවරුන් මගින් සරත් ෆොන්සේකා මහතාට ඇප ලබා ගැනීමට ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය තීරණය කර ඇතිබවත් ශ්රේෂ්ඨාධිකරණය සහ මහාධිකරණය මගින් එම කටයුතු සිදුකරීමට අවශ්ය නීතිමය උපදෙස් මත පියවර ගන්නා බවද මාධ්ය හමුවේදී ඒ මහතා පැවැසීය.
අනෝමා ෆෝන්සේකා පදනම පිහිටුවීමේ අරමුණ වනුයේ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම සහ දිළිඳු දරුවන්ට සහ රණවිරු දරුවන්ට පිහිට වීම සඳහා පියවර ගැනීමට බවද අනාවරණය කලේය.
මෙම මාධ්ය හමුවේදී හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මියද අදහස් දැක්වූවාය.









