ෆාර්ක් ගරිල්ලෝ නැවතත් පහර දෙති

 

කොලොම්බියාවේ කි‍්‍රයාත්මක වන විශාලතම වාමාංශික ගරිල්ලා ව්‍යාපාරය වන ෆාර්ක් ගරිල්ලන් විසින් එල්ල කරන ලද ප‍්‍රහාරයකින් කොළොම්බියානු පොලිස් නිළධාරින් 7 දෙනෙකු මිය ගොස් 14 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

වෙනිසියුලානු දේශ සීමාව ආසන්නයේ පිහිටි සැන්තාන්දර් ප‍්‍රදේශයේ පිහිටුවා තිබූ පොලිස් ස්ථානයක් ඉලක්ක කර ගනිමින් අද (10) එල්ල වූ මෙම ප‍්‍රහාරයෙන් ෆාර්ක් ගරිල්ලන් හට කිසිදු හානියක් සිදුවී නැති බව කොළොම්බියානු ආරංචි මාර්ග පවසයි.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්