එක්සත් ජාතීන්ගේ ජාත්යන්තර විදුලි සංදේශ සංගමය ලොව පුරා බරපතළ සයිබර් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
මැදපෙරදිග හා ආසියානු කලාපය හරහා ව්යාප්ත වන බවට මෑතකදී හඳුනාගත් “ෆ්ලේම්” නමැති පරිගණක වෛරසයකින් ආරක්ෂාවීම සඳහා පියවර ගන්නා ලෙස එම සංගමය ශ්රී ලංකාවද ඇතුළු සිය සාමාජික රටවලින් ඉල්ලීමක් කර ඇත.
ජිනීවා මූලස්ථානය කරගත් ජාත්යන්තර විදුලි සංදේශ සංගමය, ඉතිහාසයේ නිකුත් කළ බරපතළම සයිබර් අනතුරු ඇඟවීම මෙය වන බවද වාර්තා වේ.”ෆ්ලේම්” පරිගණක වෛරසය පිළිබඳව වැඩිදුර තොරතුරු ඉදිරි දින කිහිපය ඇතුළත නිකුත් කිරීමට නියමිත බවද එම සංගමය ප්රකාශ කරයි.









