එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි බස්නාහිර පළාත් සභාවේ මන්ත්රී නවුසර් ෆවුසි මහතා අත්අඩංගුවට ගන්නැයි කොළඹ ප්රධාන මහේස්ත්රාත් ගිහාන් පිලපිටිය මහතා අද (11) නියෝග කර තිබේ.
2012 දී ව්යාපාරිකයකුට මරණ තර්ජන කළැයි සැකපිට ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙසේ නියෝග කර තිබේ. ඔහු වත්මන් මෛත්රී-රනිල් ආණ්ඩුවේ ආපදා කළමනාකරණ ආමාත්ය ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ පුත්රයාද වේ.









