මහින්ද රාජපක්ෂ පරාජයට පත් වන බව තමා දැන සිටියේ යැයි රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ජ්යෙෂ්ඨ ඇමතිවරයකු වන ෆවුසි මහතා ඊයේ (01) කොළඹ පැවති රැස්වීමකදී ප්රකාශ කර තිබේ. ”මම දැනගෙන හිටියා අපේ ජනාධිපතිතුමා පැරදෙනවා කියලා. හේතුව ලක්ෂ 15කට වැඩිය ජනාධිපතිතුමාට විරුද්ධව තිබුණේ. සුළු ජාතීන්ගේ ඡන්දේ නෑ. ලක්ෂ 15ක් කොහොමද අල්ලන්නේ. ”යනුවෙන් එහිදී ප්රකාශ කර තිබේ.
රාජපක්ෂ මහතා පරදින බව දැන සිටියේ යැයි ප්රකාශ කරමින් හිටපු ඇමතිවරයා දැන් මුස්ලිම් ජනතාවට අතරට යෑමට උත්සාහ කරමින් සිටී. ඒ තමාට එරෙහිව මුස්ලිම් ජනතාව තුළ නිර්මාණය වී තිබෙන විරෝධය සමනය කර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන්ගේ මන්ත්රී ධූරය රැකගැනීම වෙනුවෙනි. තමන්ද දැරූ ජ්යෙෂ්ඨ ඇමති ධූරය වෙනුවෙන් රාජපක්ෂ පාලනය විසින් මුස්ලිම් ජනතාවට එල්ල කරනු ලැබූ තාඩන පීඩන හමුවේ මුනිවත රැකීම නිසා මුස්ලිම් ජනතාවගෙන් දැඩි විරෝධයක් ඔහුට එල්ල වී තිබේ.
ෆවුසි මහතාට ජනතාව තුළ ඇති විරෝධය ප්රකාශයට පත් වූයේ පසුගිය පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූ ඔහුගේ පුත්රයා පරාජයට පත් කිරීමට මුස්ලිම් ජනතාව කටයුතු කිරීමෙනි. එම විරෝධය සමනය කරගනිමින් තමන්ගේ ඡන්ද ගොඩ බේරා ගැනීමේ උත්සාහයක හිටපු ඇමතිවරයා මේ වනවිට නිරත වෙමින් සිටින බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.









