නිවාසවලට හානි වීම සම්බන්ධයෙන් වන්දි ලබා ගත් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඉහළම පෙළේ දේශපාලඥයන් සහ නිලධාරීන් ලබා දී තිබෙන ලිපින පිළිබඳව බරපතළ සැකයක් මතු වී ඇත.
එම සැකය මතු වී තිබෙන්නේ 2022 මැයි 09 වෙනි දින නිවාස ගිනි තැබීම් සම්බන්ධයෙන් අති විශාල වන්දි ලබා ගත් පිරිස පිළිබඳව ය. ආරක්ෂක අමාත්යංශයේ හිටපු ලේකම් කමල් ගුණරත්න, හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මෙන් ම, හිටපු පොලිස්පති, හිටපු නාවික හමුදාපති ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් ද වෙනත් හේතු මත සැක කටයුතු තත්වයන් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.










