හොරු රැසක් පිල් මාරුවකට සැරසේ

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සන්ධානයේ හිටපු ඇමතිවරුන් පිරිසක් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාපයෙන් තරඟ කිරීමට සූදානම් වන බව වාර්තා වේ. ඔවුන් අතර හිටපු කැබිනට් ඇමතිවරු සිව් දෙනෙක්, හිටපු නියෝජ්‍ය ඇමතිවරු තිදෙනෙක් හා හිටපු ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් සිටින බවත් ඔවුන් මාතර, මහනුවර, දිගාමඩුල්ල, මාතලේ, කෑගල්ල හා කොළඹ දිස්ත්‍රික් නියෝජනය කරන්නන් බවත් අනාවරණය වේ.

රාජපක්ෂ පාලනයේ සිටිමින් දූෂිත ක්‍රියාවන් සඳහා අනුබල දුන් හා ජනතා මුදල් වංචා කළ, නීති විරෝධී ක්‍රියාවන්හි නිරත වෙමින් සිටී බොහෝ මැති ඇමතිවරුන් රාජපක්ෂ මහතා මෙන්ම ජනතාවගෙන් මේ වනවිට ප්‍රතික්ෂේප වී සිටී.  තමන්ගේ ඉදිරි දේශපාලන ගමන අවිනිශ්චිත වී ඇති තත්වයක් තුළ එම පිරිස් මේ වනවිට පිල් මාරු කරමින් හෝ  ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීමට සූදානම් වේ. එවැනි දූෂිත පිරිස්වලට නාම යෝජනා ලබා දෙන කණ්ඩායම් හෝ දේශපාලන පක්ෂද ප්‍රතික්ෂේප කළ යුතු බවට මතයක් සමාජයේ දැඩිව නිර්මාණය වෙමින් පවතී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්