හොරු රැල #පන්නමු! පාගමන වාද්දූවෙන් ඇරඹෙයි…

හොරු රැල #පන්නමු! පාගමන වාද්දූවෙන් ඇරඹෙයි…

අපේ සල්ලි කොල්ල කෑ හොරු රැල #පන්නමු! තේමාවෙන් ජාතික ජන බලවේගය පවත්වනු ලබන දින 03ක පාගමන දෙවන දිනටත් අද (18) උදේ 09ට වාද්දූවෙන් ආරම්භ විය.

මෙම විරෝධතා පාගමනට දසදහස් ගණනින් ජනතාව එක්රොක් වී සිටිති.

එම විරෝධතා පාගමන අද මොරටුවෙන් අවසන් කරන අතර හෙට (19) මොරටුවේ සිට කොළඹ නගර සභා පිටිය දක්වා පැමිණීමට නියමිතය. කොළඹ නගර සභා පිටියේදී දැවැන්ත විරෝධතා රැලියක්ද සූධානම් කර ඇත.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ නායකයින්, කලාකරුවන්, වෛද්‍යවරුන්, නීතීඥයින්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ඇතුළු විවධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයෝ විශාල පිරිසක් එක්වී සිටිති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්