දේශපාලන පක්ෂ බලයට පැමිණ හොරු අල්ලන කතා බොරු බවත් එය කිසි දිනක සිදු කළ නොහැකි මිථ්යාවක් බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාසගේ සමගි ජන බලවේගයේ මන්ත්රී හර්ෂ ද සිල්වා සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කරන්නේ සතිඅන්ත පුවත් පතක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිණි.
එහිදී ඔහු මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සඳහන් කරන්නේ, “ඇතැම් දේශපාලනඥයන් කියනවා ඔවුන් බලයට පත් වුණාට පසු හොරු අල්ලනවා කියලා. එහෙම කිසි දවසක හොරු අල්ලන්න බෑ. ඒක මිථ්යාවක්. උදාහරණයක් විදිහට සීනි බදු වංචාව කරපු කෙනාව ඇල්ලුව ද?” යනුවෙනි.










