හේමා අස්වෙන්න ඇත්තෙ වෙන හේතුවකට – මහින්ද කියයි

කෘෂිකර්ම කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක හේමකුමාර නානායක්කාර මහතා ඉල්ලා අස්වීම සඳහා ඉදිරිපත් කරනලද කරුණු ප්‍රතික්ෂේප කරන මහින්ද යාපා අබේවර්ධන කෘෂිකර්ම අමාත්‍යවරයා ඒ සදහා වෙනත් හේතුවක් තිබිය හැකි බව කියයි.

බීජ ගොවි‍පොළවල් පිහිටි කුණ්ඩසාලේ ප්‍රදේශයේ හා සීතාඑළියේ ගුවන්තොටුපොළවල් ඉදිකිරීමට තවමත් අවසන් තීරණයක් ගෙන නැති බව කියා සිටින අමාත්‍යවරයා එවැනි තීරණයක් පිළිබඳව කිසිවෙකු තමන්ට දැනුම් දී නැති බව කියා සිටී. ඇතැම් අයට රටේ ඇතැම් තැන්වල ගුවන්තොටුපොළවල් ඉදිකිරීමට අවශ්‍ය විය හැකි නමුත් කුණ්ඩසාලේ පිළිබඳව තීරණය කර නැති බව කියා සිටින ඔහු සීතාඑළියේ මිනුම් කටයුතු සිදු කරනු ලැබ තිබුණද ඒ පිළිබඳවද තීරණය කර නොමැති බව ප්‍රකාශ කරයි.

කෘෂි ක්ෂේත්‍රයේ බිඳවැටීමක් ඇත්නම් ඔහු ජනාධිපති උපදේශකවරයා ලෙස ඒවා නිවැරදි කිරීමට මැදිහත් විය යුතුව තිබූ බව පවසන කෘෂිකර්ම අමාත්‍යවරයා ඔහුගේ යෝජනා පිළි නොගත්තේනම් ඒ හේතුව මත ඉල්ලා අස්විය යුතුව තිබූ බව කියයි.

කෙසේ වුවද ප්‍රියංකර ජයරත්න සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත පවසා ඇත්තේ පසුගිය මැයි 23 දින සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් පසු ගුවන්තොටුපොළක් ඉදිකිරීම සඳහා හොඳම ස්ථානය කුණ්ඩසාලේ බීජ ගොවිපොළ පිහිටි භූමිය බවයි. එළඹෙන 28 වැනිදා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව අවසන් තීන්දුව ගැනීමට නියමිත බවද ඔහු අනාවරණය කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්