හෙදියකට ලිංගික හිංසා කිරීම සම්බන්ධව සිංගප්පූරුවේ වෙසෙන ශ්රී ලාංකික වෛද්යවරයෙකුට එරෙහිව අධිකරණය හමුවෙහි චෝදනා ගොනුකර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
සිංගප්පූරුවේ චැංගි ජාතික රෝහලේ ශල්යාගාරයක් තුළ අවස්ථා 03කදී 26 හැවිරිදි අදාළ හෙදිය 36 හැවිරිදි මෙම වෛද්යවරයා විසින් මෙසේ ලිංගික හිංසනයට ලක්කර ඇති බව අදාළ චෝදනාවේ සඳහන්ය.
මෙම ශ්රී ලාංකික විශේෂඥ වෛද්යවරයා රෝහලේ නිර්වින්දන හා ශල්ය දැඩි සත්කාර දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති බව ද විදෙස් මාධ්ය වාර්තා කරයි.









