හෙට (29) සිට මැයි 04 තෙක් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

හෙට (29) සිට මැයි 04 තෙක් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

හෙට (29) රාත්‍රී 08.00 සිට මැයි 04 වනදා අලුයම 05 දක්වා මුළු දිවයිනට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.

මේ වනවිට රට තුළ පැතිර යමින් තිබෙන කොරෝනා හෙවත් කොවිඩ්-19 වෛරසයේ පැතිරීම පාලනය කිරීම සඳහා මේ වනවිටත් නැවත දැනුම් දෙන තුරු කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්ක සඳහා ඇඳිරිනීතිය පනවා ඇති අතර සෙසු දිස්ත්‍රික්ක සඳහා රාත්‍රී 08.00 සිට අලුයම 05.00 දක්වා ඇඳිරි නීතිය පනවා තිබිණි.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය සංශෝධනය කරමින් මෙලස හෙට රාත්‍රී 08.00 සිට සඳුදා, එනම් මැයි 04 අලුයම 05.00 දක්වා එකදිගට ඇඳිරි නීතිය පනවා ඇත.

එම සංශෝධනය අනුව කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්ක ඇතුළු මුළු දිවයිනටම හෙට රාත්‍රී 08.00 සිට මැයි 04 අලුයම 05.00 දක්වා එකදිගට ඇඳිරි නීතිය පනවා ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්