පසුගිය 21 වනදා සිට ඉවත් කර තිබූ සංචරණ සීමාවන් යළි හෙට (23) රාත්රී 10.00 සිට ලබන 25 වැනිදා අලුයම 04 තෙක් යළි පනවන බව කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්රධානී, හමුදාපති ශවේන්ද්ර සිල්වා අද (22) පැවසීය.
කොවිඩ් – 19 වයිරසය පැතිරීම වැළැක්වීමට ඉකුත් මැයි මස 21 වැනිදා සිට රජය පැනවූ මෙම සංචරණ සීමා ඉකුත් ජුනි මස 21 වැනිදා අලුයම 4.00ට ඉවත් කරනු ලැබීය.
සංචරණ සීමා එලෙස ඉවත් කළද පළාත් අතර සංචරණ සීමා ඉවත් කර තිබුණේ නැත.
ඉදිරියේදී එන පොසොන් උත්සවය හේතුවෙන් ජනතාව ඒකරාශී වීම වැළැක්වීම සදහා මෙම පියවර ගත් බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.










