දිවයිනේ හඳුනාගත් ප්රදේශ කිහිපයක හෙට (23) උදෑසන සහ දහවල් කාලයේ පැය දෙකක කාලයක් විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්යාංශය නිවේදනයක් නිකුත්කරමින් පවසයි.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වන්නෙ “බලාපොරොත්තුවන මෝසම් වාර්ෂා තත්වයන් අහිමිවීමත් සමග රටේ විදුලිබල අවශ්යතාවයෙන් මේ වනවිට ජලවිදුලි උත්පාදනය 15%ක අඩු මට්ටමේ පවති.
පසුගිය ජුලි 02 දා වෙස්ට්කෝස් බලාගාරය සම්පුර්ණයෙන්ම අඩපණ වූයේ හදිසියේ ඇති වු තාක්ෂණික දෝෂයක් හේතුවෙනි. එම අවස්ථාවේදී මෙගාවොට් 270 වක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට අහිමිවුවද නැවතත් පසුගිය ජුලි 12 වනදා එය යතා තත්වයට පත්විය.
එහෙත් අද (22) උදෑසන පුත්තලම ලක්විජය බලාගාරයේ ඇති වු තාක්ෂණික දෝෂයක් හේතුවෙන් හදිසියේ බලාගාරය අඩපණ කිරීමට බලාගාර පාලනාධිකාරීය තිරණය කර තිබේ. ඒ අනුව මේ වනවිට එහි ජනන කටයුතු නවත්වා ඇත. මේ වනවිට පුත්තලම බලාගාරයේ මෙගාවොට් 300 ක් සහ වෙස්ට්කෝස් බලාගාරයේ මෙගාවොට් 100 යක් ජාතික පද්ධතියට එක් කිරීම තාවකාලිකව නතරවී ඇත.
පවතින තත්වය හමුවේ පද්ධති පාලනය සමබරව පවත්වාගෙනයාම අසීරු බව ලංකා විදුලිබල මණ්ඩලය පෙන්වා දෙයි. පද්ධති පාලන අංශයේ නියෝජ්ය සාමාන්යාධිකාරී ටී.ඞී.හඳගම මහතා අවධාරණය කර සිටින්නේ පවතින තත්වය හමුවේ පද්ධතිය සමබරව පවත්වාගෙනයාම ඉතා දුෂ්කර කාර්යක් බවයි. එම තත්වයෙන් මිදී ජාතික පද්ධතිය රැකගැනීමට අඩුම වශයෙන් හෙට දවසේ සිට මෙම බලාගාර දෙක නැවත යථාතත්වයට පත්වන තුරු හෝ නැවත හොඳ වාර්ෂාපතනයක් ලැබී ජලවිදුලි උත්පාදනය 25%, 30% තත්වය දක්වා වර්ධනය වනතෙක් හඳුනාගත් ප්රදේශ කිහිපයකට උදෑසන සහ දහවල් කාලයේ අවම පැය 02 කාලයක් විදුලි කප්පාදු සිදුකිරීමට වන බව ලංකා විදුලිබල මණ්ඩලය පෙන්වා දෙයි.
විදුලි කප්පාදුවට ලක්වන ප්රදේශ පිළිබඳව හෙට උදෑසන කාලයේ විශේෂ දැනුවත් කිරීමක් සිදුකරන බව ලංවිම සභාපති මහාචාර්ය විමලධර්ම අභයවික්රම මහතා සඳහන් කරයි. විදුලි කප්පාදු හේතුවෙන් විදුලි පාරිභෝගිකයන්ගේ දෛනික කටයුතු වලට සිදුවන බාධා අවමකර ගැනීම පිණිස සියළු මාධ්ය භාවිතයෙන් මෙම පූර්ව දැනුවත් කිරීම සිදුකිරීමට පියවර ගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිතුමා අවධාරණය කර සිටි.”
ආශ්රිත පුවත්









