හෙට කිසිදු ගුරුවරයෙක් හෝ විදුහල්පතිවරයෙක් පාසල්වලට වාර්තා කරන්නේ නැහැ…

හෙට කිසිදු ගුරුවරයෙක් හෝ විදුහල්පතිවරයෙක් පාසල්වලට වාර්තා කරන්නේ නැහැ…

ඉතාමත් හදිසියේ ගුරුවරු, විදුහල්පතිවරු පාසල්වලට කැඳවමින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයට අනුව හෙට දින කිසිඳු ගුරුවරයෙකු හෝ විදුහල්පතිවරයෙකු සේවයට වාර්තා නොකරන බවත් ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දන්වා ඇති බවත් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කරයි.

හෙට දිනය සේවයට වාර්තා නොකිරීම නිසා කිනම් හෝ ගැටලුවක් මතුවන්නේනම් ඒ ඕනෑම ගුරු – විදුහල්පතිවරු වෙනුවෙන් පෙනී සිටින බවත් ඔහු සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්