හෙට (23) දිනයේදී ද A සිට L දක්වා කලාප 12ට පැය 5ක කාලයක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
ඒ අනුව, A සිට L දක්වා කලාප 12ට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා පැය 03යි විනාඩි 20ක් සහ පස්වරු 6.00 සිට රාත්රී 11.00 දක්වා පැයයි විනාඩි 40ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසීය.
ඊට අමතරව P සිට W දක්වා කලාප 08ට හෙට පැය 02යි විනාඩි 40ක් විදුලිය කප්පාදු කිරීමට නියමිත අතර එම කලාප 08ට පෙරවරු 10.30 සිට පස්වරු 4.30 දක්වා පැයක් සහ පස්වරු 4.30 සිට රාත්රී 9.30 දක්වා පැයයි විනාඩි 40ක් විදුලිය කප්පාදු කෙරේ.











