තමන් අද (10) දිනයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා පත්ර සඳහා අත්සන් තැබීමට ගියද එයට අත්සන් නොතබා ආපසු පැමිණි බව බස්නාහිර පළාත් සභා මන්ත්රිනී හිරුණිකා ප්රේමචන්ද්ර මහත්මිය කොළඹ පදනම් ආයතනයේ පැවති ලංකා තරුණ සංවිධානයේ මාධ්ය හමුවකට එක් වෙමින් පවසා තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා අත්සන් කරනවාදැයි තවම තීරණයක් ගෙන නැතැයිද ඇය එහිදී ප්රකාශ කර ඇත.
එම මාධ්ය හමුවට එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්රී හර්ශන රාජකරුණා, ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රී නියෝජ්ය අමාත්ය සාන්ත බණ්ඩාරද එම මාධ්ය හමුවට එක්වී සිටියහ.









