හිරුණිකා පැත්ත මාරු කරන ලකුණු!

භාරත ලක්ෂ්මන් පේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට එරෙහිව නීතිමය කටයුතු ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් හිරුණිකා පේමචන්ද්‍ර මන්ත්‍රීවරිය දැඩි කලකිරීමට පත්වී සිටින බවත් ඉදිරියේදී දේශපාලන පිල් මාරුවක් සිදු කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවටත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

භාරත ලක්ෂ්මන් පේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට අමතරව මත් කුඩු ජාවාරම හා ස්ත්‍රී දූෂණ චෝදනා සම්බන්ධයෙන් ජනාධිපතිවරණයේදී ඇය දැඩි ලෙස දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට චෝදනා එල්ල කළ අතර එම ප්‍රකාශයන් තුළින් ඇය ජනතාවගේ ආකර්ශනයක්ද දිනා ගත්තාය. ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ වේදිකාවේ ප්‍රධාන කථිකයන් අතරද ඇය සිටියාය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්