හිටපු ශ්‍රිලනිප සභාපතිවරයා දොලොස් වසරකට දඟ ගෙට

හිටපු ශ්‍රිලනිප සභාපතිවරයා දොලොස් වසරකට දඟ ගෙට

රාජ්‍ය දේපළ අයතා පරිහරණය සම්බන්ධයෙන් වරදකරු වූ වලපනේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමරහේවාට සහ ලාල් ප‍්‍රනාන්දු නැමැත්තාට වසර 12  සිරදඬුවමක් හා ලක්ෂ 105ක දඩයක් ගෙවීමට නුවරඑළිය මහාධිකරණය අද (23) නියම කර තිබේ.

2004 අප්‍රේල් 24 වැනි දා හෝ ඊට ආසන්න දිනයකදී උඩපුස්සල්ලාව ප‍්‍රදේශයේදී කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශයට අයත් ලක්ෂ 35ක් වටිනා ජීප් රථය සාවද්‍ය පරිහරණය කිරීම හා එකී වෙලාවන් තුළදී නීත්‍යනුකූල බලයක් නොමැතිව රිවෝල්වරයක් තම සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ජගත් සමරහේවා සහ බද්දේගම ජටිල ලාල් ප‍්‍රනාන්දු යන සැකකරුවන්ට විරුද්ධව අංක 172/2010 යටතේ නුවරඑළිය මහාධිකරණයේ නඩුවක් පවරා තිබිණි.

නඩුව කැඳවු අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු එස්.යු.බී. කරල්ලියද්ද මහතා විසින් සැකකරුවන් හට පළමු චෝදනාවට අවුරුදු 10ක සිරදඬුවමක් හා ලක්ෂ 105ක දඩයක්ද, දෙවැනි චෝදනාවට අවුරුදු 02ක සිරදඬුවමක්ද නියම කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්