හිටපු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ශ්‍රී ලංකන් – මිහින් ලංකා කොමිසමට

හිටපු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ශ්‍රී ලංකන් – මිහින් ලංකා කොමිසමට

මිහින් ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන අද(30) ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවූ බව කියන අක්‍රමිකතා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිට ඇත.

සජින් ද වාස් ගුණවර්ධන පැය දෙකකට අධික කාලයක් කොමිසම හමුවේ පෙනී සිටි අතර ඔහු මිහින් ලංකා ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ සමයේ සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධව ප්‍රකාශ සටහන් කරගත් බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

මීට අමතරව තෙවැනි දිනටත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ද කොමිසම හමුවේ පෙනී සිටියේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්