රට මහා ව්යසනයකට මුහුණ දී සිටිය දී අතිශයින් පිළිකුල් සහගත ආකාරයට විපක්ෂ නායක සජිත් ප්රේමදාස, රාජපක්ෂ පවුල සහ රනිල් වික්රමසිංහ ඇතුළු පිරිස කටයුතු කරමින් සිටින අතර, හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග රුපියල් මිලියන 250ක මුදලක් Build Sri Lanka අරමුදලට පරිත්යාග කර තිබේ.
බණ්ඩාරනායක පදනමට අයත් අරමුදලින් මෙම පරිත්යාගය සිදු කළ අතර, එයට අදාළ චෙක් පත අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත ඊයේ (08) පිළිගැන්වූවාය. හිටපු ජනාධිපතිවරියගේ පරිත්යාගය පිළිබඳ බොහෝ පිරිසකගේ ප්රසාදය හිමි වෙමින් පවතී.










