හිටපු ඇමතිවරු සිව් දෙනෙකුට අහිමි වූ රජ සැපක්

හිටපු ඇමතිවරු සිව් දෙනෙකුට අහිමි වූ රජ සැපක්

මහජන මුදල් විශාල වශයෙන් වැය කරමින් හිටපු අමාත්‍යවරුන් පවත්වා ගෙන ගිය නිල නිවාස රජයේ විවිධ කටයුතු සඳහා ලබා දීමේ තීරණාත්මක පියවරක් වෙනුවෙන් කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

දිලුම් අමුණුගම, කෙහෙළිය රඹුක්වැල්ල, සනත් නිශාන්ත සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු නායක ආර්. සම්බන්ධන් වෙත ලබා දී තිබූ නිල නිවාස ගොඩනැගිලි විශේෂිත මහාධිකරණ පිහිටුවීම සඳහා පැවරීමට නියමිත ය.

මූල්‍ය අපරාධ මෙන් ම, ළමා හා කාන්තා කාර්යාංශයෙන් සිදු කරන විමර්ශනවලට අදාළ නඩු විභාග වෙනුවෙන් සහ අපරාධ නඩු කඩිනමින් විභාග කර අවසන් කිරීම සඳහා මෙම මහාධිකරණ පිහිටුවනු ලබයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්