සිදුවිය යුතු පරිද්දෙන්ම ආණ්ඩුව විසුරුවා හැර මැතිවරණයක් කැඳවා තිබේ. සුළුතර බලයක් සහිතව පත්කළ එ.ජා.ප. ආණ්ඩුව, ජ.වි.පෙ., ද්රවිඩ සංධානය, මුස්ලිම් පක්ෂ, සිවිල් සංවිධාන, මහනාහිමිවරු මෙන්ම මාදුළුවාවේ සෝභිත හිමියන්ද, විශේෂයෙන් එදා මෛතී්ර ජනපති කරවීමට සහායදුන් බහුතරය ඉල්ලා සිටි මහා මැතිවරණය කල්දමමින්, ශී්ර.ලං.නි.ප.ය නැගිටුවීමට හා මහින්ද රාජපක්ෂ වහල් මානසිකත්වයෙන් යුත් කල්ලිය දිනා ගැනීමට යාම නිසා, අද සිදුව ඇති පාඩුව විශාලය. ජනපති මෛතී්ර බිත්තියට හේත්තු කරන තුරුම මැතිවරණය ලබානොදී ඇදගෙන ගිය බව පැහැදිලි සත්යයකි. ඒ නිසා යම් යම් පාර්ශ්වවල හිත් රිදීම්, සැකසංකා මතුව තිබේ. ජනපති මෛතී්රගේ ජයග්රහණයේ රශ්මියද අඩුවිය.
එදා ජනපතිවරණය ජයගත් ආසන්නයේදී මහ මැතිවරණයකට ගියේ නම් එ.ජා.ප.ය හා මෛතී්රගේ ජය වෙනුවෙන් කැපවූ පක්ෂ, සුවිසල් ජයග්රහණයක් ලබන බව පැහැදිලිය. ආණ්ඩුව ලබා ගැනීමේ හා බලය භුක්ති විඳීමේ නොතිත් ආශාවෙන් සුළුතර ආණ්ඩුවක් පිහිටුවා ගැනීම නිසා එ.ජා.ප.යට ජනප්රසාදය කිසියම් මට්ටමකට හීනවී තිබේ. බලයට පත්වූ විගස රනිල් වික්රමසිංහ සිය පැරණි හිතවතුන් හා ගෝලබාලයන් ඉහළ තනතුරුවලට පත්කිරීම එ.ජා.ප.යේම බොහෝ පිරිසකගේ කළකිරීමට හේතුවිය. එ.ජා.ප.යේ දූෂිතයන්ට තනතුරු ඇමැතිකම් දීමද සිදුවිය. දින 100 පාලන කාලය තුළදී ගත් බොහෝ තීන්දු – තීරණ කි්රයා කලාපයන් ජනතාවගේ ප්රශ්න කිරීම්වලට ලක්වී තිබේ.
මුනිවත
රාජපක්ෂවරුන් හා පසුගිය ආණ්ඩුවේ සිටි ප්රබලයන් සිදුකළ වංචා – දූෂණ – කොමිස් ගැහිලි – බලය අයුතු යෙදවීම්, ආදිය ගැන මෙතෙක් සිදුකළ පරීක්ෂණ මහා විකාරයක් ලෙස ජනතාව සලකති. ඔප්පු කළ හැකි වරදවල් පිළිබඳව ආණ්ඩුව කි්රයාකළ ආකාරය නිවැරදිද…? අල්ලස් කොමිසමේ දුර්වලතා, රහස් පොලිසියේ අඩුපාඩු, නීතිපතිගේ හා අධිකරණයේ වරදවල්, මූල්ය අපරාධ කොට්ඨාසයේ කි්රයාශීලීත්වය අඩුවීම ආදිය පිළිබඳව ආණ්ඩුව ලබාදෙන ‘පිළිතුරු’ගෙඩිය පිටින්ම පිළිගැනීමට ජනතාව සූදානම් නැත. විපක්ෂය එදා සිටම කියූ ජනතා අවධානයට ලක්කළ දූෂණ – වංචාවලට ද`ඩුවම් ලබාදී තිබේද? ”අපි මැදමුලන අය වගේ අධිකරණයට, පොලිසියට, කොමිසමට ඇ`ගිලි ගහන්නේ නෑ”යයි කියූ පමණින් සියල්ල විසඳෙන්නේ නැත. ජනපති මෛතී්රගේ මෛතී්ර සිතුවිලි හොඳමුත්, මේ රටේ දූෂිතයන්ට ද`ඩුවම් පැමිණවීමේ කි්රයාවලිය නිසිලෙස ඉටුනොවී ‘හොරුන්’ට රැුකවරණ සැලසුන බව ප්රසිද්ධ රහසකි. ‘කළුකෝපි බීමේ’පැරණි යාළුකම නිසා රනිල් ඒ කළාද? ශ්රී.ලං.නි.ප.යේ බලය නිරවුල්ව තමන් අතට ගැනීමට මෛතී්ර ජනපති ඒ කළාදැයි අප නොදන්නා මුත්, ඒ නරක පූර්වාදර්ශයකි. කෝටි – ප්රකෝටි ගණනින් හොරකම් කළ දේශපාලඥයන්ට හා ඒ ආණ්ඩුවේ ප්රබලයන්ට ද`ඩුවම් ලබානොදීම නිසා, ආණ්ඩුවේ හා මෛතී්ර ජනපතිගේ ශක්තිමත්භාවය පිළිබඳව, කි්රයාශීලීත්වය පිළිබඳව ජනතාව තුළ ඇත්තේ කළකිරීමකි. ශී්ර.ලං.නි.ප.ය ආණ්ඩුවක් මී ළ`ගට පත්වුවහොත් කිසිදාක මේ හොරුන්ට ද`ඩුවම් ලැබෙන්නේ නැති බවට මතයක් ද පැතිර තිබේ. මේ අයහපත් තත්වයෙන් මිදීමට නම් එ.ජා.ප.යට සිය මැතිවරණ පොරොන්දුවක් ලෙස, ගිය ආණ්ඩුවේ දූෂිතයන්ට ද`ඩුවම් පමුණුවන බව කීමට සිදුවේ. ගෝඨාභය, නාමල්, බැසිල්, ඩලස් වැනි අය පමණක් නොව ”මහින්ද රාජපක්ෂ ද”අද අසන්නේ ‘කෝ හොරු ඇල්ලූවා ද?’කියාය. මේවාට පිළිතුරු දීමට හා ප්රායෝගිකව විසඳුම් දීමට මීළ`ග ආණ්ඩුවට සිදුවේ.
තාච්චිය නොදන්නා ආප්පය
අද ශී්ර.ලං.නි.ප.යට නායකත්වය දෙන්නේ ජනපති මෛතී්රය. පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ 80 – 90ක් පමණ ‘මහින්ද පාර්ශ්වයේය. මහින්ද, මෛතී්ර සමාදානය සඳහා කුමන කමිටු පත්කළ ද, කුමන මට්ටමේ සාකච්ඡුා පැවැත්වුන ද, මැතිවරණයට දෙපාර්ශ්වයක් ලෙස සටන් කරනු ඇත. අනෙක් අතට ඒ ‘මහින්දගේ සුළ`ගට’ආශාකරන අයට මෛතී්රගේ පිළ නාම යෝජනා දීමද භයානකය. කෙසේ හෝ වේවා, ජාවාරම් – දූෂණ – මැර කි්රයා ආදී දෑවලට සම්බන්ධ බොහෝ අය සිටින්නේ මහින්ද පිළේය. මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට කොටි 15 දෙනෙකු මුදාහැර ඇතැයි ප්රයෝගකාරී ප්රකාශයක් හොරු රැුළේ අයෙකු ප්රකාශකර තිබේ. මහින්දට ආරක්ෂාව මදියැයි කියමින් අභයාරාම පක්ෂ කාර්යාලය මුදල් එකතු කරන්නේ ආරක්ෂකයන් ලබාගැනීමටය. ප්රයෝගයට දක්ෂ ‘මහින්ද හෙට අනිද්දාම හොඳ ගුලියක් අඹරනු ඇත.
මෛතී්ර ජනපති පාර්ශ්වයට රිංගා ඇති අයටද චෝදනා එල්ලවේ. පසුගිය සන්ධාන පාලන යුගවලදී මිනිස් ඝාතන 13කට සම්බන්ධ, දූෂණ -චෝදනා – නිදන් කැඞීම්වලට සම්බන්ධ වූ බව පැවසෙන මධ්යම පළාත් දේශපාලඥයෙකු මෛතී්ර පාලනයට ද රිංගා මේ මාස 4 ට ආණ්ඩුවේ මුදල්වලින් 40 වතාවක්, පළාත් සභා මන්තී්ර පුතාත් සමග ‘රටගිය’පුවත ඊට හොඳ උදාහරණයකි. ජනපති මෛතී්ර පිල හා යාමෙන් මේ හොරු පාරිශුද්ධත්වයට පත්නොවේ. විශේෂයෙන් දූෂණයට, වංචාවට, නීතිය අයාලේ යැවීමට එරෙහිව ජනපති මෛතී්රට ඒ පිරිස් වේදිකාවේ තබාගෙන ජනතාව ආමන්ත්රණය කළ හැකිද? ඊළ`ගට තමාට ජනාධිපතිවීමට යූ.ඇන්.පි.යේ ඡුන්ද මල්ල දුන් අයට හා ආධාර උපකාර කළ අයට එරෙහිව කළ හැකිද? දැන් ජනපති මෛතී්ර මේ රටේ ජනතාවට කියන්නේ කුමක්ද ? ‘විරිඳු’කීමට දැන් අවස්ථාවද නොවේ.
දේශපාලනයේදී සදාකාලික සතුරන් හෝ මිතුරන් නැති බව ජනපති මෛතී්ර යස අපූරුවට පෙන්විය. දිගටම මහින්ද රාජපක්ෂ පාලනය තිබුනේ නම්, තව වසර 6-7ක් යන විට මහා ලේ වැගිරෙන තරුණ කැරැුල්ලක් සිදුවිය හැකි මට්ටමට රට පත්වනු නිසැකය. රටේ ජනතාව විවිධ බාධක මැද ජාතිවාදයට, ඒකාධිපති පවුල් පාලනයට, දූෂණයට, එරෙහිව හැදූජනතා වේදිකාව, ජනතා මතවාදය අතට ගෙන මාස දෙකකින් රාජපක්ෂගේ පාලනය පෙරලා දමා ජනාධිපති වූ මෛතී්රට ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකිරීමට නොහැකි වූ බව පිළිගත යුතුව ඇත.
අද මෛතී්ර යළි පණදීමට ගියත්, ඔහුට ජනපතිවීමට ශී්ර.ලං.නි.ප.ය කිසිදු ආකාරයක උපකාරයක් කළේ නැත. මහින්ද ඇතුළු ජාතිවාදය වැපිරූ කණ්ඩායම කළේ ‘මෛතී්ර’ට උසුළු-විසුළු, අපහාස-උපහාස කිරීමය. අඩු වශයෙන් පිට්ටනි පොදු කී්රඩාංගන පවා ලබානොදුන් අතර, ප්රචාරය සඳහා විද්යුත් නාලිකාවකට ලබාදුන් මුදල් ආපසු ලබා දුන්නේ ඊයේ පෙරේදාය. එ.ජ.ප.ය ඇතුළු විවිධ සිවිල් සංවිධාන එදා, ‘මෛතී්ර’ජනපති කරවීමට දැරූ උත්සාහය ඇද වන විට අමතක වී තිබේ. ඒ වෙනුවට එදා තමාට පරිභව කළ දූෂිතයන් සමග දේශපාලන ගමනක් ආරම්භ කර තිබේ. ‘ආප්පයට තාච්චියේ සිටි හැටි අමතකයි’කියන්නේ මේවාටය.
හොරු සහ නාමයෝජනා
එදා යුගයක කිරිඇල්ලලා සමග දේශපාලනයේ යෙදී දූෂිතයන් ලෙස නම් දැරූ හා විවිධ තක්කඩි කටයුතුවලට සම්බන්ධ වූ පාලිත පැල්පොලලා අද කටයුතු කරන්නේ ජනාධිපති කාර්යාලයේය. මහින්ද යුගයේ ජනපති ඡුායාරූප ශිල්පියා වූ ‘සුදත් සිල්වා’ට එදා ජනාධිපති මාධ්ය අංශයෙන්ම දූෂණ – වංචාවලට සම්බන්ධ බවට හා කෝටි පතියෙකු වූ බවට චෝදනා නැ`ගුනද ඔහු අද ජනපති මෛතී්ර ළ`ග නිරුපද්රිතව සේවයේ යෙදී සිටී. අද ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම්, ජනාධිපති මාධ්ය අංශය විවිධ උපදේශකවරුන්ටද චෝදනා තිබේ. ඒ අය ජනපති මෛතී්රගේ දේශපාලනයට උපකාර කළ අයද? ඔහුගේ දැක්ම ඔවුන්ට තිබේද?
එ.ජා.ප.ය, මෛතී්රගේ පිහිටෙන් බලය ලබාගත් විගස රාජ්ය මාධ්යවලට අරක්ගත්තේ කවුද? විවිධ රාජ්ය ආයතන, සංස්ථා හා ඉහළ නිලතලවලට රිංගවූයේ කවුද? ඒ බොහෝ පිරිස් මීට පෙර ‘දූෂිතයන්’ලෙස හංවඩු ගසන ලද පුද්ගලයන්ය. දේශපාලන ‘ගජමිතුරු’වාදය අපූරුවට මෙවරද කි්රයාත්මක විය. මේ මාස 4ට 5ට දූෂණ-වංචා-බලය අයුතු යෙදවීම් රැුසක්ම වාර්තාව විය. ‘නමට ජාතික ආණ්ඩුව’වුවද පක්ෂ දෙකේ අය මේ කාලය ගත කළේ ‘සීතල යුද්ධ’මැදිනි.
මේ සිදුවුණ අලකලංචි නිසා රටේ ජනතාව අන්දමන්ද වී සිටිති. බොහෝ පිරිස් කතා කරන්නේ කළකිරීමෙනි. දූෂිතයන්ට, හොරුන්ට මිනී මරුවන්ට, ස්තී්ර දූෂකයන්ට මෙවරත් ප්රධාන පක්ෂ දෙකේ අපේක්ෂකත්වය ලැබෙනු ඇත. මෙවර කි්රයාත්මක වන්නේ ද ‘මනාප ක්රමයටම’නිසා ඇති පදම් මුදල් වපුරා ඒ දූෂිතයන් යළි පාර්ලිමේන්තුවට තේරී පත්වනු ඇත. දැන් අපූරුම කතාව වන්නේ මේ දූෂිතයන්ට ඡුන්දය දී එවීමේ වගකීම සම්පූර්ණයෙන්ම ජනතාව මත පැටවීමය. සියලූම පක්ෂ නුසුදුසු අයට නාම යෝජනා නොදෙන්නේ නම් සරලව ප්රශ්නය විසඳාගත හැකිව තිබියදී ඒ වරදද පටවන්නේ ජනතාවටමය.
සංහිඳියාව
අද මෛතී්ර හා මහින්ද පාර්ශ්වය අතර රහසිගත සංහිඳියාවක් ගොඩනැගී ඇති බව පැහැදිලි සත්යයකි. දෙපාර්ශ්වයම ඒ නොපිළිගත්තත් සිදුවෙමින් පවතින කි්රයාදාමය හා ඉදිරියට සිදුවන දේවලින් එය ඔප්පුවනු ඇත. පසුගියදා එස්.බී. මේ පිළිබඳව මතවාදී අරගලයක යෙදුන බවට ද කතා පැතිරයමින් තිබේ. රාජිත, දුමින්ද වැනි මුල්ම වටයේ පැන ආ අයටද අද ‘හොරු හා යහන්ගතවීම’ප්රශ්නයක් විය හැක. ඔවුන්ට තම දේශපාලන පෞරුෂත්වය පිළිබඳ ගැටලූවක් ඇතිවේ. කිසියම් හෙයකින් මහින්ද ට සන්ධානයේ හෝ ශී්ර.ලං.නි.ප.යේ මැතිවරණ වේදිකාවට ගොඩවන්නටත්, මැතිවරණය මෙහෙයවන්නටත්, ඒ හිලව්වට රාජපක්ෂවරුන්ගේ දූෂණ – වංචා – බලය අයුතු යෙදවීම් හා ස`ගවාගත් මුදල් සෙවීම නැවැත්වීමටත් රහසිගත එක`ගතාවයක් වේ නම් එයද මෙවර පාරාවළල්ලක් වනු ඇත. සාධාරණ සමාජයක් හරහා ජනාධිපති මෛතී්රට උදව් උපකාර කළ මාදුළුවාවේ සෝභිත හිමියන් පසුගියදා ප්රකාශ කළේ දැන් මෛතී්රයි – මහින්දයි එක්ව දේශපාලනය කරනවා නම් තමන්ගේ මහන්සිය අපතේ ගිය බවයි. මහින්ද පරාජය කළ බොහෝ පිරිසකගේ මතය ද එයයි.
ඩලස්, විමල්, වාසු, ගම්මන්පිල, බන්දුල, ටී.බී.වැනි අය වේදිකාවට මහින්ද සම`ග එන්නේ නම් එයට එරෙහිව මෛතී්ර පිලේම පිරිස් නැ`ගී සිටිනු ඇත. අනුර යාපා, සුසිල් වැනි අයද අවසන් විග්රහයේදී සිටින්නේ ‘මහින්ද’සම`ගය. මහින්ද ඇතුළු නඩය වෙනම ඉල්ලූවත්, මෛතී්ර පාර්ශ්වයට උපකාර කිරීමට ආවත්, සිදුවන්නේ එකම ප්රතිඵලයකි. සිදුවන්නේ ශී්ර.ලං.නි.පක්ෂය තවත් වාරයක් ඉරිතලා යාමකි. ජනතාව අතර භේද ඇති කිරීමකි. මහින්ද හා මෛතී්ර පාර්ශ්වවල ප්රධාන දේශපාලන සතුරා එ.ජා.ප.ය වූ විට මෛතී්ර ජනපති ඊළ`ගට ‘ජාතික ආණ්ඩුව’ක් හදන්නේ කා සමගද? අද පවතින දේශපාලන ව්යාකූල තත්වය මත මුස්ලිම් කොංග්රසය හා සුළු ද්රවිඩ පක්ෂ එ.ජ.ප.ය හා එක්ව තරග වදිනු ඇත. උතුරු – නැගෙනහිර ද්රවිඩ සංධානය වෙනම තරග කරනු ඇත. ඇතැම් විට ඔවුන්ද එ.ජා.ප.ය හා තරග කිරීමට ඉඩ තිබේ. එවිට බලවත් ලෙස එ.ජා.ප.යට තම ප්රතිරූපය නංවා ගැනීමට අවකාශ ලැබේ. කොහොමටත් එ.ජා.ප.යට වාසි සහගත වටා පිටාවක් ගොඩනැගී තිබේ. මැතිවරණයේදී ‘ජනතා විමුක්ති පෙරමුණ’ද වෙනම තරගයට පිවිසෙනු ඇත. සිදුවෙමින් පවතින දේශපාලන කි්රයාන්විතය නිසා වික්ෂිප්ත භාවයට පත්වී සිටින ජනතාවගෙන් ‘කොළ එළියක්’ජ.වි.පෙ.ට ලැබෙමින් පවතින බවද සැබෑවකි. එදා ජනාධිපතිවරණයේදී ජවිපෙ පෙරමුණ ජනතාව වෙත කරන ලද දේශපාලන විග්රහය ඉතාමත් නිවැරදි බව අද ජනතාව වටහා ගනිමින් සිටිති. සරත් ෆොන්සේකාගේ පක්ෂයද වෙනම තරග කරන අතර, ‘බොදුබල සේනාව’ද දේශපාලනයට පිවිස තරග කරන බව පැවසේ. මේ සියලූ දෑ අතරේ වඩාත් සංකීර්ණ ප්රශ්නය උද්ගත වනුයේ ශී්ර.ලං.නි.ප.යටය. මහින්ද, විමල්, ගම්මන්පිල ආදී ජාතිවාදී දේශපාලනයේ යෙදෙන අය මෛතී්ර පාර්ශ්වය හා එක වේදිකාවකට ගියහොත් දෙමළ, මුස්ලිම් ජනතාව කුමන තීන්දුවක් ගනු ඇද්ද? ලෝකය කුමක් කියනු ඇද්ද?
මෙවර මැතිවරණයෙදී ද, ඥාති සංග්රහය ඉහළින්ම කි්රයාත්මක වනු ඇත. පසුගිය දිනක රාජිත ඇමැතිගේ පුත් ‘චතුර’දේශපාලන කි්රයාන්විතයේ පූර්ව රංගනයක යෙදෙන සැටි අප දුටුවෙමු. දේශපාලනයට මීට පෙර පිවිසි පුතාලාගේ ර`ගපෑම් දැක ඇති ජනතාවට මේ අරුමයක්ද නොවේ. අප්පලා පරාජය වූ විට, බලය අහිමි වූ විට පුතාලා නූල කැඩුන සරුංගල් බවට පත්වේ. අද නාමල් රාජපක්ෂට සිදුවී ඇතිදෙය දකින අපට හිතෙන්නේ අනේ, අපොයි…. රජවීමට සිටි පුතෙකුට ගිය කළ කියාය. මෙහිදී අප කීමට උත්සාහ දරන්නේ බල පෙරළියක් සිදුවුනාට පුද්ගලයන් මාරු වුනාට දේශපාලන සංස්කෘතියේ සාධනීය කිසිවක් නොවූ බවයි.
මහ`ගු අවස්ථාවක්
නාම යෝජනා දිනය මැතිවරණය පැවැත්වෙන දිනය ගැන සලකා බලන විට 19 වන සංශෝධනයෙන් ස්ථාපිත විය යුතු ‘කොමිෂන් සභාවන්’හෝ පිහිටුවීමට හැකිවේ දැයි සැක සහිතය. විශේෂයෙන් විශ්රාම ගිය මැතිවරණ කොමසාරිස්වරයා තනතුරේ රැුඳී සිටිනුයේ මැතිවරණ කොමිසම පත්කෙරෙන තුරුය. පවතින වාතාවරණයේ හැටියට එයවත් පත්කර ගැනීමට හැකිවේදැයි කීම අසීරුය. ලැබුණේ යැයි කියන ‘නිදහසෙන්ද අද උපරිම ප්රයෝජන ගන්නේ මහින්ද ඇතුළු රට විනාශය කරා ඇදගෙන ගිය පිරිස් නොවේද? නිදහසෙන් පසු දිගින් දිගටම රැුවටීම්වලට ලක්වූ ජනතාව යළි රැුවටී තිබේ. ”කළුවා මාරපන් ගියා සේ”වටේ කැරකී සිටි තැනටම පැමිණීමට රටේ ජනතාවට සිදුවී තිබේ. ජනතාවට අණපනත් හදන්නට ඇති ‘ව්යවස්ථාදායකය’හෙවත් පාර්ලිමේන්තුව අද ජනතාවට විහිළු සපයන වැදගැම්මක් නැති රටේ මුදල් ගිලින ආයතනයකි. රටේ සංවර්ධනය හා යහපත් පාලනයක්, සමතුලිත භාවයක් සඳහා ඇති කළ ‘විධායකය’හෙවත් ජනාධිපති තනතුර දේශපාලනීකරණය වී හොරු හදන , හොරු රකින තනතුරක් වී තිබේ. රටේ නීතිය සුරක්ෂිතව, නීතිය කාටත් සමානව පැවැත්විය යුතු ‘අධිකරණය ද’රටේ ජනතාවගේ අවිශ්වාසයට, සැකයට බඳුන්වී තිබේ. රටේ කිසිම වැඩපිළිවෙළකට ‘ජාතක සැලසුමක්’නැත. කෘෂිකර්මය, අධ්යාපනය, සෞඛ්යය, රාජ්ය සේවය ආදී කිසිදු ක්ෂේත්රයක් සඳහා පොදු ජාතික ප්රතිපත්තියක් නොමැත. ආණ්ඩුවෙන්, ආණ්ඩුවට සැලසුම් සැකසේ.
ජනතාවට නොව දේශපාලඥයන්ට සෙත ගෙනෙන ක්රමවේදයක් තවමත් කි්රයාත්මකය. රටේ ජනතාවද දීර්ඝ කාලීනව තමාගේ පැවැත්ම හා රටේ අනාගතය ගැන තව බොහෝ විට සලකන්නේ ඒ අවස්ථාවට ලැබෙන ගිණි පෙට්ටියකි. වතුර බෝතලයකි. ණය මුදලකි. කෑම වේලකි. සිල් රෙද්දකි. එවන් දෙපාර්ශ්වයක් සිටින රටක අනාගතය අඳුරු වනවා හැර සුගතියක්, සංවර්ධනයක් සිදුවන්නේ නැත. රටේ ධනය මංකොල්ල කෑ දේශපාලඥයන් පිරිසකට එරෙහිව පාරට බැසිය යුතු ජනතාව අද කරන්නේ ඔවුන් දේවත්වයෙන් වන්දනාමාන කරමින් යළි පාර්ලිමේන්තුවට යැවීම නම් රට ගැන කවර කතාද?
දැන් යළි ජනතාවට මහ`ගු අවස්ථාවක් උදාවී තිබේ. සැබෑ දේශපාලඥයන් කවුද? නරුමයන් කවුදැයි වටහා ගැනීමට මේ ලබා ඇති අත්දැකීම්ද ප්රමාණවත්ය. කාට හෝ ඡුන්දය දී අවුරුදු ගණනක් ශාප කරමින් නොසිට, තමා වෙනුවෙන් මහජන නියෝජිතයන් විය යුතු කවුරුන්දැයි තෝරා-බේරා ගැනීම ජනතාව වෙත මේ තීරණාත්මක පැයේදී පැවරෙන විශාලම වගකීමයි.









