කොළඹ කොටුව හා හරස් වීදිවල පදික වේදිකාවේ වෙළඳාම් කිරීමට නැවතත් අවසර ලබා දී තිබේ. කොළඹ නගරාධිපතිවරයා විසින් ගන්නා ලද මෙම තීරණය ඔහු විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් මගින්ද දැනුම් දී තිබේ.
කොටුව ප්රදේශයේ පදික වෙළඳම් සඳහා අවසර ලබා දීම පිටුපස මේ වන විට දේශපාලන වුවමනාවක් ක්රියාත්මක වෙමින් ඇති අතර ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ හිතවතුන්ට හා ක්රියාකාරීන්ට මෙම පදික වෙළඳාම සඳහා අවසරය ලබා දීමට යන බව වාර්තා වේ.
පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන්ගේ ගොඩ වැඩිකර ගැනීම වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවත් පදික වේදිකාව භාවිතා කරන ජනතාවට හා කොළඹ නගරයේ පවිත්රතාවයට සිදු වන හානිය පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වා පටු දේශපාලන අරමුණ වෙනුවෙන් පමණක් මෙම තීරණය ගෙන ඇතැයි අභ්යන්තර ආරංචි මාර්ග පවසයි.









