හමුදාව එපාවීම වේගයෙන් ඉහළට

හමුදාව එපාවීම වේගයෙන් ඉහළට

මේ වනවිට ක්‍රියාත්මක ශ්‍රී ලංකා යුද හමුදාවේ පොදු සමා කාලය තුළ 12,066 දෙනෙකු නීත්‍යානුකූලව ඉවත්ව ගොස් ඇති බව නිල වාර්තාවල දැක්වේ.

මෙම පොදු සමා කාලය අප්‍රේල් 20 දින ආරම්භ වූ අතර එය මැයි මස 20න් අවසන්වීමට නියමිත ය.

මේ අනුව, ගෙවී ගිය සති තුනකට ආසන්න කාලය තුළ එනම් මැයි 11 වෙනි දින දක්වා 12,066 දෙනෙකු ඉවත්වී ගොස් ඇත.

ශ්‍රී ලංකා යුද හමුදාවට සමාන්තරව නාවික සහ ගුවන් හමුදාවල ද පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ. එහෙත් එම හමුදා දෙකෙන් ඉවත් වූ සංඛ්‍යාව මෙතෙක් හෙළිකර නැත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්