සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක

පාසල් පද්ධතියේ මේ දිනවල ඇති කොවිඩ් ව්‍යාප්තියට පසුගිය ගුරු උද්ඝෝෂණ හේතුවිය හැකි බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසූ බව ආණ්ඩුවේ දිනමිණ පුවත්පතේ පල කර තිබේ.

අද (29) නිකුත් වූ එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ පසල් විවෘත කළ පසු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු නොකර රජයට සහ සෞඛ්‍ය අංශ වෙත ඇඟිල්ල දිගුකරන බවය.

එහෙත් ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය විසඳා ගැනීමේ උද්ඝෝෂණ පසුගිය ඔක්තෝබර් 27 වනවිට අවසන් කර තිබූ අතර මුදල් අමාත්‍යාංශය සමග අවසන් වශයෙන් නොවැම්බර් 10 වෙනි දින පවත්වන ලද සාකච්ඡාවකින් පසුව උද්ඝෝෂණ අවසන් කළේය. එතැන් සිටි මේ වනවිට දින 19කට ආසන්න කාලයක් ගත වී තිබේ. එසේ තිබියදී ආණ්ඩුවේ ප්‍රචාරකයෙකු වශයෙන් තමන් නිලයටද සුදුසු නොවන ආකාරයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රකාශ නිකුත්කරන බවට ගුරු වෘත්තීය සමිති චෝදනා කරති.

එම වෘත්තීය සමිති වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමණය කළ ක්‍රියාමාර්ගය සෞඛ්‍ය විද්‍යාත්මක නොගැලපෙන බවත් එහෙයින් විද්‍යාත්මක වැඩපිළිවෙලක් ආණ්ඩුවට යෝජනා කළ බවත්ය. ඒ අනුව මුලු අධියරයේදී උසස්පෙළ, සාමාන්‍යපෙල සහ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු දරුවන්ගේ පන්ති ආර්ම්භ කරන ලෙස යෝජනා කර තිබූ බව අවධාරණය කරයි. ආණ්ඩුව පාසල් ආරම්භ කළේ ගුරු වෘත්තීය සමිති යෝජනාවලට කන් නොදී හිතුවක්කාරී ලෙස බවත්ය.

කෙසේ වෙත්ත ආණ්ඩුව කටයුතු කරනු ලැබූවේ මුල් අධියර ලෙස ප්‍රාථමික අංශයේ පන්ති ආරම්භ කිරීමටය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්