සේයා ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

පසුගියදා බරපතල ලෙස ලිංගික අතවරයට ලක්කර ඝාතනය කරනු ලැබූ කොටදෙණියාව, බඩල්ගම සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය සොයමින් සිටි පුද්ගලයා ගම්පහ, බදුවතුගොඩ කැලයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ලැබුණු තොරතුරකට අනුව සැකකරු සොයා මෙහෙයුම් කරන පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙන්ම ප්‍රදේශවාසීන්ද මෙම කැලයේ සිටියදී සැකකරු සොයාගත් බවත්, මොහු දැරිය පදිංචිව සිටි නිවස ආසන්නයේ පදිංචි අයෙකු බවත් සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් දැනට සැකපිට අත් අඩංගුවට ගත් දෙදෙනක් රිමාන්ඩ් භාරයේ සිටිති. ඉන් එක් අයෙකු 17 හැවිරිදි වියේ පසුවන්නෙකි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්