සේනා චීනයටත් පැතිරෙයි

සේනා චීනයටත් පැතිරෙයි

චීනයේ වගා බිම්වලින් ද සේනා දළඹුවා ප්‍රථමවරට හමුවී ඇතැයි වාර්තාවේ.

චීනයේ යුනෑන් ප්‍රාන්තයේ පුවේරි සහ ඩිහෝන් නගරවලින් සේනා දළඹුවා වාර්තා වී ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය නිවේදනය කරයි.

මේ වනවිට ඉන්දියාව, තායිලන්තය, ඇමරිකාව සහ දකුණු අප්‍රිකානු රටවල මෙම දළඹු විශේෂය හමුවී ඇත.

දළඹුවා හමුවීමත් සමඟ එම සත්වයාගේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා චීන රජය කඩිනම් පියවර ගෙන ඇති බව සඳහන් වේ.

එසේම දිගුකාලීන පියවරක් ලෙස දළඹු උවදුර පවතින රටවල කෘෂිකර්ම බලධාරීන් සමඟ සාකච්ඡාකර මෙම උවදුර තුරන් කිරීමට ද චීන රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්