සුසිල් අද ජනාධිපති කොමිසමට

ස්වාධීන රූපවාහිනී සේවාවේ සිදු වී තිබෙන අක්‍රමිකතා පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (30) බරපතළ වංචා දූෂණ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ විමර්ශන සිදු කෙරෙන ජනාධිපති කොමිසමේ ‍විමර්ශන නිලධාරීන් හමුවේ පෙනී සිටින ලෙසට ලිඛිතව දැනුම් දීමක් කර ඇතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විමර්ශන නිලධාරීන් හමුවේ ලබාදුන් ප්‍රකාශයක් පදනම් කරගනිමින් සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් ප්‍රකාශයක් ලබාගත යුතුව ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබෙන බව කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතාමාධ්‍යෙවත පවසා තිබේ.

ජනාධිපතිවරණ සමයේදී ස්වාධීන ‍රූපවාහිනී සේවාව ඔස්සේ විකාශනය කරන ලද මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක දැන්වීම් සඳහා අය විය යුතු රුපියල් මිලියන 115ක මුදලක් අය කර නොගැනීම, ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත්ව සිටි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රචාරක දැන්වීම් සඳහා රුපියල් මිලියන අසූවක මුදලක් අයකරගෙන දැන්වීම් ප්‍රචාරය සිදු නොකිරීම ඇතුළු අක්‍රමිකතා රැසක් පිළිබඳව විමර්ශනය සිදු කෙරෙයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්