සුසානභූමියේ පදිංචිකරුවන් ඉඩම් ඉල්ලා උපවාසයක

දඹුල්ල ඉබ්බන්කටුව සුසානභූමියේ පදිංචිව සිටින පිරිසක් ඉඩම් ඉල්ලා අද (28) විරෝධතාවයක නිරත විය.

ඔවුන් පවසන්නේ 1974 වසරේ සිට මෙහි පදිංචිව සිටින බවත් එවකට ඇමතිවරයෙක්වූ T.B. තෙන්නකෝන් විසින් ලබාදුන් මැතිවරණ පොරොන්දුවකට අනුව මෙම ස්ථානය හිමිවූ බවත්ය.

අදාල ඉඩම පුරාවිද්‍යා වටිනාකම් ඇති ඉඩමක් බවත් මෙම පදිංචිකරුවන් අනවසරයෙන් පදිංචිව සිටින බවත් වහාම මින් ඉවත්වන ලෙසත් පුරාවිද්‍යා නිලධාරීන් පවසා ඇත.

තමන්ව වංචා සහගත ලෙස ඇමතිවරයා විසන් මෙහි පදිංචි කරවූවේ මෙම ඉඩම් සඳහා බලපත්‍ර ලබාදෙන බව පවසමින් බවත් ඉන් පසු පැමිණි සෑම මැතිවරණයකදීම බලයේ සිටි ආණ්ඩු තමන්ට ඉඩම් ඔප්පු ලබාදෙන බව පවසා ඡන්දය ලබාගත් බවත් ඔවූහු පවසති.

අවුරුදු 39කට අධික කාලයක් පරම්පරා තුනක පමණ පිරිසක් මෙහි පදිංවී සිටි බවත් පවසන ඔවුන් මේවන විට මහත් පීඩාවකට පත්ව ඇතැයිද පැවසා සිටී.

තම නිවාස සඳහා ණය ලබා ගැනීම, විදුලිය ලබා ගැනීම සහ තම දරුවන් පාසල් වලට ඇතුලත් කිරීම ආදී කටයුතු බවලදී තමන් මහත් පීඩාවකට මෙන්ම අවමානයකටද ලක්වන බව ඔවුහු වැඩිදුරටත් පවසති.

විරෝධතාවය ආරම්බ කර සුළු මොහොතකින් උපවාසටක් පටන්ගත් අතර තම නිවාස සඳහා බලපත්‍ර ලබාදෙන තුරු උපවාසය අඛණ්ඩව ගන යනබව ඔවුන් පවසා සිටී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්